001 සූරත් අල් – ෆාතිහා (ආරම්භය)

හැඳින්වීම

සූරත්

සූරත් යන වචනයෙහි අර්ථය පරිච්ඡේදය යන්නයි. අල්-කුර්ආනයේ සූරත් 114 ක් ඇත. එහි කෙටිම සූරතය, ආයාත් (වාක්‍ය) 3 කින්ද දීර්ඝතම සූරතය ආයාත් (වාක්‍ය) 286 කින්ද සමන්විතය. තවද

මෙම සූරතයන්හි මක්කීයාහ් (මුහම්මද් සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමා මක්කාහි වාසය කළ අවධියේදී පහළ කරන ලද පරිච්ඡේදයන්) මදනීය්යාහ් (එතුමා මදිනාහ්වට සංක‍්‍රමණය වීමෙන් පසුව පහළ කරන ලද පරිච්ඡේදයන්) වශයෙන් කොටස් දෙකක් ඇත.

නාමය

මෙම සූරතය (පරිච්ජේදය) අල්-ෆාතිහා යනුවෙන් නම් කර ඇත්තේ එහි වූ වස්තු විෂය අනුවය. ෆාතිහා යනු යම් විෂයක හෝ පොතක හෝ අන් කවර දෙයක වුවද ආරම්භයයි. වෙනත් වචනවලින් කිවහොත් එය එක්තරා අන්දමක හැඳින්වීමකි.

පහළ වූ කාල සීමාව

මෙය මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාට අල්ලාහ් වෙතින් පහළ වු මුල්ම වහී (හෙළිදරව්) වලින් එකකි. මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාට හෙළිදරව් කරනු ලැබූ පළමුවන සම්පුර්ණ සූරතය මෙයයි. මීට පෙර පහළ කර ඇත්තේ විවිධ ස්වභාවයේ ආයාත් (වැකි) කිහිපයක් පමණි.

තේමාව

සැබැවින්ම මෙම සූරතය අල්ලාහ්ගේ ධර්ම ග‍්‍රන්ථය හදාරනු කැමතියනට අල්ලාහ් විසින්ම දායාදය කරන ලද ප‍්‍රාර්ථනයකි. අල්-කුර්ආනයෙහි මෙම සූරතය මුලින්ම යොදා ඇත්තේද ඒ කෙරෙහි යොමුවන්නාට මෙම ප‍්‍රාර්ථනාව දායාදය කරවීම පිණිසය. එනම්ල අල්-කුර්ආනයෙන් ඵල ලබාගන්නට ඔබ අවංකවම අපේක්ෂා කරන්නේ නම් මුලින්ම විශ්වයේ අධිපති වු අල්ලාහ්් වෙත පමණක්ම ඔබ යොමු විය යුතුය.

මෙම තේමාවෙන් අදහස් කෙරෙන්නේ විශ්වයේ අධිපති වූ අල්ලාහ්ට පමණක් ලබාඳීය හැකි මග පෙන්වීම ඔහු වෙතින්ම ලබා ගැනීම පිණිස මහත් අභිලාශයක් හදාරන්නාගේ හදවත තුළ ජනිත කරවීමයි. මේ අනුව අල් ෆාතිහා සූරතයෙන්් ව්‍යංගාකාරයෙන් ඉගැන්වෙන්නේ මිනිසකුට කළ හැකි සුදුසුම දෙය සද්ධර්ම මාර්ගය පෙන්වීම සඳහා ප‍්‍රාර්ථනා කිරීමල සත්‍යය සොයන්නකු ලෙස අල්-කුර්ආනය අධ්‍යයනය කිරීම හා සකල විධ ඥානයේ උල්පත (ප‍්‍රභවය) සර්ව බලධාරි අල්ලාහ් පමණක් බව පෙන්වා ඒකාන්තයෙන්ම පිළිගැනීමයි. තවද අල්-කුර්ආනය හැදෑරීම ආරම්භ කරමින් තමාට නිසි මඟ දෙන ලෙස අල්ලාහ්ගෙන් ප‍්‍රාර්ථනා කළයුතු වීමයි.

මේ අනුව අල්-ෆාතිහා සහ අල්-කුර්ආනය අතර පවත්නා සම්බන්ධය පොතකට යෙදු පෙරවදනක් නොවන නමුදු එය ප‍්‍රාර්ථනාවක් මෙන්ම ප‍්‍රාර්ථනාවට ලැබෙන්නා වූ පිළිතුරක් බවද පැහැඳීළිය. සූරත් අල්-ෆාතිහාව අල්ලාහ්ට අවනත වූද විශ්වාසවන්ත වූද මිනිසකු විසින් කරන්නාවු ප‍්‍රාර්ථනයකි. අල්-කුර්ආනය වු කලී තම විශ්වාසවන්තයාගේ ප‍්‍රාර්ථනයට අල්ලාහ් විසින් ලබාදෙන්නා වු පිළිතුරකි. තමාට නිවැරඳී මඟපෙන්වන ලෙස බැගෑපත්ව තම පරමාධිපතිගෙන් ඔහු අයැද සිටි.  z ඔබ මගෙන් අයැදු මාර්ගෝපදේශයයි මේ” යන්න පවසන්නාක් මෙන් මෙසේ තම යටහත් වැසියාගේ අයැදුමට පිළිතුර ලෙස පාරිශුද්ධ වූ අල්-කුර්ආනයම ඔහු ඉදිරියේ දිස්වේ.

 

01. සූරත්-අල් ෆාතිහා (ආරම්භය)

මක්කාහ්වේ දී හෙළිදරව් කෙරුණකි.                    ආයාත් 7 යි.

 

1_1

අපරිමිත  දයාන්විත 1 අසමසම කරුණාන්විත (1අ) අල්ලාහ්ගේ (1ආ) නාමයෙනි (1ඇ)

(1)        මිනිසකු සෑම දෙයක්ම අල්ලාහ්ගේ නාමයෙන් ඇරඹිය යුතු බව ඉස්ලාමීය සංස්කෘතියෙන් අපේක්ෂිතයි. මෙය සවිඥානකවද අවංකවද කළහොත් එයින් යහපත් ප‍්‍රතිඵල තුනක් ලැබෙනු ඇත. පළමුකොට එය ඔහු පාපකා; ක‍්‍රියාවලින් ඈත් කරනු ඇත. මක්නිසාද යත්, වැරඳී කි‍්‍රයාවකට හෝ පාපී චේතනාවකට අල්ලාහ්ගේ නාමය සම්බන්ධ කිරීම යුක්ති සහගත දැයි සලකා බැලීමට හුදෙක් එම අල්ලාහ් යන නාමය නිසාම ඔහු පෙළඹෙයි. දෙවනුව, අල්ලාහ් යන නාමය උච්චාරණ මාත‍්‍රයෙන්ම ඔහු තුළ යහපත් මානසික ආකල්පයක් ඇති කොට ඔහුට නිසි මඟ පෙන්වයි. තෙවනුවල ඔහුට අල්ලාහ්ගේ පිහිට හා ආශීර්වාදය ලැබී ෂෙයිතාන්ගේ පෙළඹවීමෙන් ආරක්ෂා කෙරෙනු ඇත. මන්දයත්ල අල්ලාහ් ඔහු වෙත යොමුවන හෙයිනි. මෙය වැදගත්ම ප‍්‍රතිඵලයයි.

(1අ)      කරුණාව හා දයාව යන අර්ථය දෙන රහ්මත් යන පදයේ මුලාශ‍්‍රයෙන් රහ්මාන්ල රහීම් යන පද දෙක බිහිවිය. මෙම වචන දෙක අතරින් රහ්මාන් යන්න අල්ලාහ් විසින් මවන ලද මිනිසුන් ඇතුළුව සෑම දෙයකටම මෙලොවදී දයාව පෙන්වන්නා යන අදහස ලබාදෙයි. අල්ලාහ් යන පදය මෙන්ම අර්රහ්මාන් යන පදයද අල්ලාහ් හැර වෙන කිසිවකුටත්ල කිසිවකටත් භාවිතා කළ නොහැකිය. රහීම් යන්න පරලොව විනිශ්චය ඳීනයේදී අල්ලාහ් විසින් පෙන්වනු ලබනල ඉමහත් දයාව හඳුන්වනු ලබන පදයකි. එය අල්ලාහ්ගේ මඟ පෙන්වීම අනුගමනය කළ අයට පමණක් පරලොවදී අල්ලාහ් විසින් ප‍්‍රදානය කරනු ලබන අනුග‍්‍රහයක් වේ. මේ අනුව රහ්මාන් යන වචනයෙහිල රහීම් යන වචනයට වඩා පුන්‍දාල් අර්ථයක් ගැබ්වී ඇත. තවදලිබිස්මිල්ලාහිර්රහ්මානිර්රහීම්. හි ඇති අර්රහ්මාන්, අර්රහීම් යන පද මිනිස් වර්ගයා සහ ඔවුන්ගේ පරමාධිපති අතර ඇති සම්බන්ධතාවය, කරුණාව හා දයාව යටතේ ගොඩනැගුනක් බව දක්වන ගැඹුරු අර්ථයක්ද ලබා දේ. රහ්මාන් යන පදයෙන් අල්ලාහ්ගේ අතිවිශිෂ්ඨ ත්‍යාගශීලීත්වය හා දයාව ප‍්‍රකාශ වන නමුත් එයින් පවා අල්ලාහ්ගේ එම ගුණාංගයන්ගේ අසීමිතභාවය ප‍්‍රකාශ කිරීමට නොහැකිය. එබැවින් එම අඩුපාඩුව සපුරාලීම සඳහා එම ධාතුවෙන්ම බිඳුනු රහීම් යන වෙනත් වචනයක්ද එක්කොට ඇත.

අර්රහ්මාන්, අර්රහීම් යන්න අල්ලාහ්ගේ ශ‍්‍රී විභූතිය විස්තර කරන නාමයන් දෙකකි. මෙවැනි නාමයන් අස්මාඋල් හුස්නාහි (අල්ලාහ්ගේ ශී‍්‍ර විභූතිය විස්තර කරන නාම මාලාව) දක්වා ඇත. අල්ලාහ්ට මෙවැනි නාමයන් අනුනවයක් තිබෙන බව මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා පවසා ඇත.

(1ආ)    අල්ලාහ් යන්න කිසිම සජිවී හෝ අජීවී දෙයකට සමාන කළ නොහැකි පදයකි. අල්ලාහ් අනුපමේය වූද සියලූ යහපත් ගුණාංගයන්හි පුර්ණ හිමිකරුද වේ. වෙනත් කිසිවකුගේ හෝ කිසිවකගේ හෝ කිසිම සම්බන්ධතාවයක් නොමැතිව තම ස්වභාවයෙන්ම ප‍්‍රභවයක් හෝ අවසානයක් නොමැතිව පැවතෙයි. අල්ලාහ් යන්න නැමඳුමට සුදුසු එකම සර්ව බලධා;න් හඳුන්වන්නා වූ සංඥා නාම පදයයි. ඉස්ලාමයට පෙර සමයෙහිද බහුදේව වාදී අරාබිවරු අල්ලාහ් නමැති මෙම පාරිශුද්ධ වූ නාමය ඒකීය වූ අල්ලාහ්ට පමණක්ම භාවිතා කළහ. තවද අල්ලාහ් යන පදයට අරාබි බසින් බහු වචනයක් හෝ ස්ති‍්‍ර ලිංග පදයක් හෝ නොමැත. අල්ලාහ් යන වචනයේ අර්ථය ප‍්‍රකාශ කරන තනි වචනයක් වෙනත් කිසිම භාෂාවක හෝ දක්නට නොමැති බව මෙහිදී අවධාරණය කළ යුතුය.

අල්ලාහ් යන පදයට සමානව යෙදිය හැකි වෙනත් පදයක් නොමැති බැවින් ඒ සඳහා අල්ලාහ් යන වචනයම යෙදිය යුතුවේ. ඉහත කී කරුණු අනුව අවසාන කි‍්‍රයාව වශයෙන් “සේක” යන ගෞරවාන්විත පද පවා භාවිතා කි;ම නුසුදුසුය. අල්ලාහ්ගේ එ්කීයත්වය අවධාරණය කරනු වස් එසේ කොට ඇති අතර සෑම විටම පුරුෂ ලිංග ඒක වචනය ඒ සඳහා යෙදිය යුතුයි. එසේ වුවද අල්ලාහ් සජිවි හෝ අජිවී වස්තුවක් ලෙස නොගිිණිය යුතුය.

(1ඇ)    ආරම්භයද අවසානයද ප‍්‍රත්‍යක්ෂද අදෘශ්‍යමානද වන්නේ අල්ලාහ් පමණකි යන්නද සියලූ දේවල ඒ ඒ් මැවුම්වල හේතු කාරක වන්නේද අල්ලාහ්මය,  යන්නද ඉස්ලාමයේ මුලික ඉගැන්වීම් වේ. තවද මුහම්මද් (සල්්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාට හෙළිදරව් කරන ලද මුල්ම වැකිය වන්නේ ඔබේ රබ්(පරමාධිපති)ගේ නාමයෙන් කියවනු යන්නය. එබැවින් අල්-කුර්ආනය කියවන්නට පටන් ගන්නා යම් තැනැත්තෙක් “බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්” යන පදය උච්චාරණය කර ආරම්භ කිරීමෙන් අල්ලාහ්ගේ එම අණට අවනත වෙයි. වැකි හතකින් සමන්විත වු මෙම සූරතයේ මුල්ට මෙය යෙදී ඇත්තේ එබැවිනි.

තවද අල්-කුර්ආනයේ නවවන සූරතය වන “අත්තව්බා” හැර සියලූම සූරතයන් “බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්” යන්නෙන් ආරම්භ කළ යුතුය.

අල්-කුර්ආනය පාරායනය කරන්නට සුදානම් වන්නකු “බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්” යන්න කියන්නට ප‍්‍රථම “අඌzසුබිල්ලාහි මිනෂ්ෂෙයිතානිර්රජීම්” (ශාපලත් ෂෙයිතාන්ගේ දුශ්ඨ පෙළඹීම් වලින් අල්ලාහ්ගෙන් ආරක්ෂාව අයැඳීමි) යයි කිව යුතුය.

මෙවැනි වදනක් අල්-කුර්ආන්හි සඳහන් වී නොමැති වුවද මෙම වැකිය අල්-කුර්ආනයේ සූරත්වලට මුලින් සඳහන් වී ඇති “බිස්මිල්ලාහිර්රහ්මානිර්රහීම්” වැනි වදනක් සේ යෙදෙනු නොලැබුවද ශාපලත් ෂෙයිතාන්ගේ දුශ්ඨ පෙළඹීම්වලින් අල්ලාහ්ගෙන් ආරක්ෂාව අයදිය යුතු යැයි අල්-කුර්ආනයේ සඳහන් වී ඇත.

002 සූරත් අල් – බකරහ් (එළදෙන)

 

හැඳින්වීම

නාමය

මෙම සූරතයෙහි නම අල්-බකරහ් වේ. අල් බකරහ් (එළදෙන) යන නාමය එසේ යෙදී ඇත්තේ මෙම සූරතයේ එන එළදෙන පිළිබඳ කථා වස්තුව හේතු කොට ගෙනය. එහෙත් සූරතයේ විෂයක් දක්වනු වස් මාතෘකාවක් ලෙසින් එය යොදා නැත. අල්-කුර්ආනයේ සූරතයන් බොහෝ ප‍්‍රමාණයක් එහි එන කථා වස්තුවක් හේතු කොට ගෙන මෙලෙසින් ඒවා නම් කොට ඇත.

පිළිවෙල හෝ අනුක‍්‍රමය

මෙය මදනිහ් සූරතයක් වුවද එය අපට සෘජු මාර්ගයක් දක්වනු මැනවෟ යන්නෙන් අවසන් වූ මක්කිහ් සූරතයක්  වූ අල්-ෆාතිහා සූරතය(පරිච්ඡේදය)ට පසුව එන්නකි. මෙය ඇරඹෙන්නේ එකි දුආව(ප‍්‍රාර්ථනාව)ට පිළිතුරක් ලෙසල මේ වනාහි මඟ පෙන්වීම සඳහා පොත යන්නෙනි. අල්-බකරහ්වේ වැඩි කොටස මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාගේ ජිවිතයේ මදීනාහී ගත කළ පළමුවන දෑ අවුරුද්ද තුළ පහළ විය. මීට පසු කාලයකදී හෙළිදරව් කෙරුණු කුඩාකොටසක්ද මෙම සූරතයට ඇතුළත් කරන ලදී. ඒවායේ ඇතුළත් කරුණු අතින් ඒ දෙකෙහි කිට්ටු සමානත්වයක් දක්නට තිබුණු හෙයින් මෙසේ කරන ලදී. නිදර්ශනයක් වශයෙන් පොළී ගැනීම තහනම් කරන වාක්‍ය අනාවරණය කරන ලද්දේ මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාගේ ජීවිතයේ අවසාන භාගයේදීය. ඒවාද මෙහි ඇතුළත් කරන ලදී. ඒ හේතුව මතම මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා මදීනාහ් නගරයට හිජ්රත් (සංක‍්‍රමණය) කිරීමට පෙර මක්කාහ්වේදී පහළ වු අවසන් ආයාත්(වැකි 2:284-286)ද මෙහි ඇතුළත් කරන ලදී.

ඓතිහාසික පසුබිම

මෙම සූරතයේ අර්ථාවබෝධය පිණිස අප විසින් එහි ඓතිහාසික පසුබිම දත යුතුය.

1)            මක්කාහ්වේදී සාමාන්‍යයෙන් අල්-කුර්ආනයෙන් අමතන ලද්දේ එවකට සිටි මුෂ්රික්වරුන් (අල්ලාහ්ට ආදේශ තබන්නන්) වූ කුරෙයිෂ් ජනයාටය. ඔවුහු අල්ලාහ්ගේ ධර්මය පිළිබඳව දැන නොසිටියාහුය. එහෙත් මදීනාහ්වේ සිටි ශ‍්‍රාවක පිරිස වූයේ අල්ලාහ්ගේ ඒකීයත්වය නබිත්වය(දේව ධර්ම¥ත මෙහෙය) වහී(අල්ලාහ්ගේ අණපනත් පහළ වීම) පරලොව හා මලක්(සුර¥ත)වරුන් ගැන (බනූ ඉස්රාඊල් නමින් හැඳින්වෙන යුදෙව් ජනතාව) දැන සිටියහ. තවද ඔවුහු අල්ලාහ් විසින් ඔවුන්ගේ නබිවරයා වූ මූසා (මෝසෙස්) තුමාට හෙළිදරව් කරන ලද දහම තමන් අදහන බව කියාගත් පිරිසකි. මූලධර්ම අතින් මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමන් විසින් දේශනා කළ ඉස්ලාම් දහමද ඔවුන්ගේ ධර්මයද සමාන විය. ඔවුහු ශතවර්ෂ ගණනාවක් පැවති පරිහානිය අතරතුරේදී නියම දහමින් ඈත්ව තව්රාත්(තෝරා)හී සඳහන් නොවූ හා අවසර දෙනු නොලැබූ ඉස්ලාමීය නොවන බොහෝ දේ පිළිබඳ විශ්වාස කරමින් පුදපූජා විධි හා සිරිත් විරිත් ඇතිකර ගනිමින් ඒවා අනුගමනය කළහ. එපමණක්ද නොව තව්රාත් මූල ග‍්‍රන්ථයට ඔවුන් තමන්ගේ අර්ථ කථන හා සවිස්තරාර්ථ ඇතුළත් කර එයද කෙලසා තිබුණි. ඔවුන් විසින් තමන් ලද දේ ශුද්ධ ලියවිලිවල තථ්‍ය හා සවිස්තර තිබුණු දේව භාෂිතයද විකෘති කරන ලදී. එයින් සිදු වූයේ එම ලේඛණවල සැබෑ ආගමික ගුණය ඉවත්වීමෙන් ඔවුන් හුදෙක් නිරර්ථක ආවිෂ රාමුවක වෙළී පැටලී සිටීමත්ය. ඒ හේතුවෙන් ඔවුන්ගේ විශ්වාසය සදාචාර ධර්ම ගතිපැවතුම් හා හැසි;ම් රටාවන් පරිහානියේ අන්ත ප‍්‍රපාතයටම වැටුණි. මෙහි අනුකම්පා සහගත පැත්ත වූයේ ඔවුන් තම තමන් පත්ව සිටින තත්ත්වය පිළිබඳව තෘප්තිමත්ව පසුවීම පමණක් නොව, එහි ඇලී ගැලී සිටීමටත් රුචිකි;මය.

එලෙසම සිටිනු හැර වෙනත් කවර අන්දමක හෝ ප‍්‍රතිසංස්කරණයක් කි;මේ අදහසක් හෝ එයට නැඹුරුවීමක් හෝ ඔවුන් තුළ නොවීය. එබැවින් නිවැරදි මාර්ගය ඉගැන්වීම සඳහා තමන් වෙත පැමිණියවුන් හට ඔවුන් සතුරු වූවා පමණක් නොව, එවැනි සෑම උත්සාහයක්ම ව්‍යර්ථ කි;මට ඔහුට හැකි සෑම දෙයක්ම කළහ. මුලදී මුස්ලිම් වුවද ඔවුහු සැබෑ ඉස්ලාමයෙන් බැහැර ගොස් එහි නොයෙක් විකෘති හා වෙනස්කම් ඇතිකර ඉතා සුළු වෙනස්කම් ගැන පවා තර්ක විතර්ක කරමින් නිකාය හෙවත් කට්ටි වශයෙන් භේද බින්න තත්ත්වයට පත් වූහ. තම පරමාධිපති වන අල්ලාහ් අමතක කර දේව විශ්වාසය අත්හැර අයුතු ලෙස ධනය උපයමින් එය දේවත්වය ලෙස සැලකීමට කටයුතු කළහ. මේ  තත්ත්වය කොතෙක් දුර දිග ගොස් තිබුණේද යත්, ඔවුහු තමන්ගේ මුල් නාමය වූ මුස්ලිම් යන්න අතහැර ඒ වෙනුවට තමන් යුදෙව් ජනතාව බවට නම් කරමින් දහම ඉස්රාඊල් දරුවන්ගේ ඒකාධිකාරය බවට පත්කර ගත්හ.

මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා මදීනාහ් නගරයට ගොස් යුදෙව් ජනතාවට යළි සත්‍ය ධර්මය වෙත පැමිණෙන ලෙස ආරාධනය කරන විට එහි සිටි යුදෙව් ජනතාවගේ තත්ත්වය එසේ විය. එහෙයින් මෙම සූරතයේ තුනෙන් එකකටත් වැඩි කොටසකින් ඉස්රාඊල් පුත‍්‍ර පරම්පරාවම අමතා, එහි ඔවුන්ගේ ඉතිහාසය, සදාචාර පරිහානිය හා සත්‍ය දහම විකෘති කි;මෙහිලා ඔවුන්ගේ මුරණ්ඩුකම පිළිබඳව විවේචනාත්මක ගුණ දොස් විචා;මක් කර ඇත. ඒ සමගම නිර්මල ධර්මයේ උසස් සදාචාර ධර්ම හා මූලික ප‍්‍රතිපත්තිද ඉදිරිපත් කර ඇත. නබිතුමකු විසින් දේව ධර්ම ¥ත කර්තව්‍යයේදි අනුගාමික ජනතාවට පෙන්වා දුන් නිවැරදි දහමින් මෑත්වී නොමඟ ගිය විට ඇති වන පරිහානියේ ස්වභාවය පැහැදිලි ලෙසින් (මෙම පරිච්ඡේද මගින්) පෙන්වා දී සැබෑ බැතිමත් බව හා හුදු ආමිෂය අතරත් පවතින වෙනස ඉතා පැහැදිලිව ගෙන හැර දක්වා ඇත.

2)            මක්කාහිදී ඉස්ලාම්හි ප‍්‍රධාන කර්තව්‍යය වූයේ එහි මූලධර්මයන් පැතිරවීමත් එම බැතිමතුන්ගේ සදාචාර අභිවර්ධනය ඇති කි;මත්ය. එහෙත් මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා මදීනාහ් නගරයට සංක‍්‍රමණය වීමෙන් අනතුරුව අරාබිකරයේ නන්දෙසින් පැමිණි මුස්ලිම්වරුන් එහි වාසස්ථානය කරගත් පසු අන්සාර්වරුන්(මක්කාහි සිට සංක‍්‍රමණය කළ මුස්ලිම්වරුන් ආධාර කළ මදිනාහි මුස්ලිම්වරුන්)ගේ ආධාරයද ඇතිව ඉතා කුඩා ඉස්ලාමීය රාජ්‍යයක් මදිනාහිදි පිහිටුවා ගන්නා ලදි. එමගින් ජනතාවගේ සාමාජික, සංස්කෘතික දේශපාලන හා නීති;ති ප‍්‍රශ්න විෂයෙහිද අවධානය යොමු කළ යුතු විය. එබැවිනි, මක්කාහිදි හා මදිනාහිදි පහළ කෙරුණු සූරතයන්හි තේමාවන් එලෙස වෙනස් වීමට හේතු සාධක වූයේ. ඒ අනුව අල්-බකරහ් සූරතයෙන් අඩක් පමණ මිඩංගු වී ඇත්තේ ජනතාවක් එක්සත් කි;මට හා සමගි සම්පන්න කි;මට අවශ්‍ය ප‍්‍රතිපත්ති හා නීති;ති ඉදිරිපත් කි;මටත්, එහි ප‍්‍රශ්න විසඳීමටත්ය.

මදීනාහ් නගරයට සංක‍්‍රමණණිකයන් පැමිණීමෙන් අනතුරුව ඉස්ලාම් සහ ඉස්ලාම් නොවන අය අතර අරගලය නව මුහුණුවරක් ගනු ලැබීය. මීට පෙර තත්ත්වය වූයේ බැතිමතුන් තම තමන්ගේ ගෝත‍්‍ර හා ජන කොට්ඨාශ අතර දිවි නොතකා ඉස්ලාමය පැතිර වීමට කි‍්‍රයා කි;මය. එහෙත්, මදීනාහ්වේ තත්ත්වය මීට වඩා වෙනස් විය. සකල අරාබිකරයේ නන් දෙසින් මෙහි පැමිණි ජනයා එකම ජනතාවක් වශයෙන් පදිංචි වී එහි ස්වාධීන පෞර රාජ්‍යයක් පිහිටුවා ගත්හ. මෙහිදි උද්ගත වූ තත්ත්වය නම් මෙම  මුළු ජනතාවගේම ආත්මාරක්ෂාව හෙවත් පැවැත්ම සඳහා සටන් කරන්නට සිදුවීමය. ඊට හේතු වූයේ මුස්ලිම් නොවන සෙසු මුළු ආරාබිකරයම එක්සත් වී මෙම කුඩා මුස්ලිම් රාජ්‍යය මුලිනුපුටා දමන්නට පවා ඉදිරිපත් වීමයි. එහෙයින් මදීනාහ්වේ මුස්ලිම් ජනතාවගේ ජයග‍්‍රහණය පමණක් නොව, ජීවිතය රැදී තිබුනේ මෙම අල්-බකරහ් සූරතයෙහි හෙළිදරව් කෙරුණු පහත දැක්වෙන උපදෙස් පිළිපැදීම මතය.

(අ)        මදීනාහ්වේ මුස්ලිම් ජනතාව ස්වකීය ඉස්ලාම් දහම පැතිර වීමට දැඩි උනන්දුවකින් ක‍්‍රියා කළ යුතු අතර හැකි තරම් විශාල සංඛ්‍යාවක් තමන් වෙත ඇද ගැනීම හෝ නම්මවා ගැනීමට තැත් කළ යුතුය.

(ආ)      ඔවුන් සිය විරුද්ධවාදින්ගේ නියම තත්ත්වය කෙතරම් පැහැදිලිව පහදා දිය යුතුද යත්ල එම ප‍්‍රතිවාදින් අත්‍යන්තයෙන්ම සාදව්‍ය මඟක් ගෙන සිටින බව සාමාන්‍ය බුද්ධිය ඇති කවරකුට වුවද වැටහී යා යුතුය.

(ඇ)      මේවන විට වාසය කි;මට ගෙයක් දොරක් පවා නොමැතිව දිළිඳුවල දසතින්ම සතුරන්ගෙන් වටවී සිටී මෙම මුස්ලිම් ජනතාවට තමන් පත්ව සිටින අසීරු තත්ත්වයෙන් ගොඩ ඒමට හා ඒ තත්ත්වයට නොබියව මුහුණ දීමට නම් ධෛර්යල වීර්යය හා ඉවසීම අවශ්‍ය බව ඔවුන්ට තරයේ ඒත්තු ගැන්විය යුතුය.

(ඈ)      තම ඉස්ලාම් ධර්මය විනාශකර මුලිනුපුටා දැමීමට කවර දිශාවකින් හෝ එළඹිය හැකි අවිගත් සතුරු බළමුළුවල සතුරන්ගේ සංඛ්‍යාවල ඔවුන් සතුව ඇති අවි ආයුධ හා භෞතික සම්පත් ආදිය කෙතරම් බලවත් වුවද ඒ ගැන කිසියම් තැති ගැනීමක් හෝ ගණන් ගැනීමක් හෝ නොකරමින්  මහත් වෙර දරමින් සතුරන්ට විරුද්ධව නැගිටීමට මුස්ලිම් ජනතාව සූදානම් කළ යුතුය.  ඕනෑම ආයුධ සන්නද්ධ හමුදාවකට මුහුණ දීමට සූදානම් විය යුතුය.

(ඉ)       දුෂ්ට මාර්ගයන් මුලිනුපුටා දැමීමට හා ඒ වෙනුවට ඉස්ලාමීය මාර්ගය පිහිටුවාලීමට අවශ්‍ය ධෛර්යය එම ජනතාව තුළ ඇති කළ යුතුය.

ඉහත දැක්වූ පරමාර්ථයන් මුදුන්පත් කර ගැනීමට ඉවහල්වන ආකාරයේ උපදෙස් අල්ලාහ්විසින් මෙම සූරතයෙන් හෙළිදරව් කර ඇත්තේ එබැවිනි.

(3.)         මෙම අවධියේදී මුස්ලිම්වරුන් ලෙස පෙනී සිටි නමුත් මුනාෆික් (කුහකයින්) වූ නව මාදිලියක පුද්ගලයෝද බිහි වන්නට වූහ. මක්කාහ්වේ අවසන් දිනවලම ඔවුන්ගේ දෙගිඩියාවේ ලකුණු පහළ වී තිබුණදල මදීනාහ්වේදී එම තත්ත්වය වෙනස් ස්වරූපයක් ගත්තේය. ඉස්ලාමයේ සත්‍ය බව පිළිගත් පිරිස් මක්කාහ්වේ සිටි නමුදු එය වැළඳ ගැනීමෙන් උද්ගත වන අනිෂ්ට ප‍්‍රතිඵලවලට මුහුණ දීමටවත් තමන්ගේ ලෞකික ලාභ ප‍්‍රයෝජන හා නැදෑ හිත මිතුරන් අත්හැර එම දහම වැළඳ දීමටවත්ල තමන්ගේ ලෞකික ලාභ ප‍්‍රයෝජන හා නැදෑ හිත මිතුරන් අත්හැර එම දහම වැළඳ ගැනීමෙන් අනිවාර්යයෙන්ම තමන්ට විඳින්නට සිදුවන දුක් කම්කටොළු විඳදරා ගැනීමටත් ඔවුහු මැළි වූහ.

003 සූරත් ආලූ-ඉම්රාන්

03 සූරත්  ආලූ-ඉම්රාන්

හැඳින්වීම

නාමය

මෙම සූරතය නම් කර ඇත්තේ 33 ආයතයේ (වදනෙහි) එන ආලූ ඉම්රාන් (ඉම්රාන් වනාහි නබි මූසා තුමාගේ හා නබි හාරූන් තුමාගේ පියායි) යන්න වස්තු කොට ගෙනය. වෙනත් බොහෝ සූරතයන්හි දක්නට ඇති පරිදි, සෙසු සූරතයන්ගෙන් වෙන් කොට දැක්වීම පිණිස මෙයට මෙම නම යොදා ඇති නමුත්, ඉම්රාන් පවුල පිළිබඳව මෙහිදී සාකච්ඡා කර ඇති බවත් ඉන් නොකියවේ.

හෙළිදරව් කිරීමේ කාල සීමාව

මෙය අනුශාසනා සතරකින් සමන්විතය.

පළමුවැනි අනුශාසනාව (ආයාත් 1-32) බද්ර් යුද්ධය අවසන් වූ සැනින් හෙළිදරව් වී යැයි බොහෝ දුරට නිගමනය කළ හැකිය. (හිජ්රි වර්ෂ දෙවැන්නේදී)

දෙවැනි අනුශාසනාව (ආයාත් 33-63) හිජ්රි 9 වැනි වසරේ දී නජ්රාන්හි සිට කි‍්‍රස්තියානි නියෝජිත පිරිසක් පැමිණ අවස්ථාවේ දී හෙළිදරව් කරන ලදී.

තුන්වැනි අනුශාසනාව (ආයාත් 64-120) පළමු වැන්න අවසන් වූ වහාම හෙළිදරව් කරනු ලැබූවකි.

සිව්වන අනුශාසනාව (ආයාත් 121-200) උහුද් යූද්ධයෙන් පසු හෙළිදරව් කරන ලදී.

තේමාව සහ විෂය කරුණු

මෙම දේශන විවිධ කාල පරිච්ජේද තුළ විවිධ අවස්ථාවන්හි හෙළිදරව් කරනු ලැබූවේමුත්, ඒවා ඉතා තදින් එකිනෙක හා බැඳී පවත්නා අතර අරමුණ, විෂයය හා මූලික තේමාව ආදී හේතුන් උඩ එහි ඇති අන්තර් සබඳතාව නිසා මේ සියල්ල පූර්ණ සාධකයන් වටා ගෙතී ඇත. මෙම සූරතය මගින් විශේෂයෙන් අමතනු ලැබුවේ කණ්ඩායම් දෙකකටය. එනම් ධර්ම ග‍්‍රන්ථ ලැබූ පිරිසට (යුදෙව්වන් හා කිතුනුවන්) හා මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ අනුගාමිකයින්ටය.

සාවද්‍ය විශ්වාසයන් හා පාපිෂ්ට ගති පැවතුම් පිළිබඳව අවවාද කරනු ලැබීමෙන් පසු ඒ සඳහාම වූ ප‍්‍රතිකර්මයක් වශයෙන් අල්-කුර්ආනයේ සත්‍යය පිළිගන්නා ලෙසින් යුදෙව් හා කිතුනුවන්ට අල්-බකරාහ් සූරතය මගින් ආරාධනය කරනු ලැබීමෙන් පසු මෙම පණිවිඩය ඉදිරිපත් කර ඇත. මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් විසින් උගන්වනු ලැබූ නිවැරදි ජීවන මාර්ගය, ඔවුන්ගේ අනාගත වක්තෲන්වරුන් විසින් පෙන්වා දෙනු ලැබූ එම නිවැරදි මාර්ගය හෙවත් අල්ලාහ්ගේ මාර්ගයම බවත්, ඔවුන්ගේම ධර්ම ග‍්‍රන්ථ අනුව වූවත් එයින් පිට පැනීම වරදක් බවත් මෙහි දී ඔවුන්ට (යුදෙව්වන්ට හා කිතුනුවන්ට) අවධාරණය කරනු ලැබීය.

දෙවැනි කණ්ඩායම වන මුස්ලිම්වරුන් ඉතාමත් ශ්‍රේෂ්ඨ සමාජයක් ලෙසින් අල්-බකරාහ් මගින් ප‍්‍රකාශිත වූ අතර ඔවුන් සත්‍යය සඳහා මඟපෙන්වන්නන් ලෙසින් නම් කරමින් මීට පෙර සූරතය මගින් දෙන ලද උපදේශයන්ට අමතර වශයෙන් තවත් උපදේශයන් ඇතුළත් කොට ඔවුන්ට ලෝකය ප‍්‍රතිසංශෝධන කිරීමේ කාර්යභාරය පවරා ඇත. ඉහතින් වූ සමාජවල ආධ්‍යාත්මික සහ සදාචාරාත්මක පරිහානියෙන් පාඩම් උගෙන ඔවුන්ගේ අඩිපාරේ නොයන ලෙස මුස්ලිම්වරුන්ට අවවාද කර ඇත. ඔවුන් විසින් ඉටුකළ යුතු ප‍්‍රතිසංශෝධන කටයුතු පිළිබඳව ද ඔවුනට උපදෙස් දී ඇත. මීට අමතරව අල්ලාහ්ගේ මාර්ගය විවිධ අකුල් හෙළන ධර්ම ග‍්‍රන්ථ ලැබූ පිරිස් හා කුහකයින් සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය ගැන ද මුස්ලිම්වරුන්ට උගන්වන ලදී. ඒ හැමටම වඩා උහුද් යුද්ධයේ දී දක්නට ලැබුණු දුර්වලකම්වලින් ආරක්ෂා වන ලෙස ද ඔවුනට අවවාද කර ඇත.

ඓතිහාසික පසුබිම

මෙම සූරතයේ පසුබිම මෙයයි.

1.            අල්-බකරා මගින් කල්තියා දැනුම් දෙන ලද සියලූ විධි පරීක්ෂණවලට සහ දුක්කම්කටොලූවලට මුහුණ දීමට විශ්වාසිකයින්ට සිදු විය. බද්ර් සටනින් ඔවුන් ජයග‍්‍රහණය කරනු ලැබූව ද ඔවුන් තාමත් ආන්ත‍්‍රායෙන් තොර වී නැත. ඉස්ලාමීය ව්‍යාපාරයට එරෙහිව අරාබියේ පැවැති සියලූ බලවේගයන්ගේ වෛරය එම ජයග‍්‍රහණය නිසා උත්සන්න විය. හැම අතකින්ම තර්ජනාත්මක වැලි කුණාටුවල ලකුණු මතුවෙමින් පැවැති අතර මුසලිම්වරු, නිරන්තර බිය සැක සහිත තත්ත්වයකට පත්වූහ. ග‍්‍රාමීය රාජ්‍යයයට වැඩි නොවූ කුඩා මදීනාහ් රාජ්‍යය අවට පිහිටි මුළු මහත් අරාබි ලෝකය විසින් මදීනාහ්ව අකාමකා දැමිය හැකි තත්ත්වයකට පත්ව තිබිණ. මක්කාහ් සිට මුස්ලිම් සරණාගතයින්  විශාල වශයෙන් මදීනාහ්වට පැමිණි නිසා බලවත් අර්බුදයකට මුහුණ පා සිටි මදීන්හ්වේ ආර්ථිකයට යුද්ධමය තත්ත්වය බලවත් තර්ජනයක් විය.

2.            මේ අතර මදීනාහ්වේ අවට ප‍්‍රදේශයන්හි ජීවත් වූ යුදේව් ගෝත‍්‍රකයින් ද බලවත් ප‍්‍රශ්නයක් විය. මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් මක්කාහ්වේ සිට පැමිණි පසු ඔවුන් සමග ඇති කරගත් මිත‍්‍ර ගිවිසුම් ඔවුහු නොසලකා හැරීහ. එසේම ධර්ක ග‍්‍රන්ථය ලැබූ මෙම පිරිස් බද්ර් යුද්ධය පැවැති අවස්ථාවේ දී පිළිම වන්දනාකරුවන්ගේ ක‍්‍රෑර අරමුණ කෙරෙහි අනුකම්පාව දැක්වූහ. එහේත ධර්ම ග‍්‍රන්ථය ලැබූ අයගේ විශ්වාසය පිළිබඳව මූලධර්ම, අල්ලාහ් පිළිබඳව ඒකීයත්වය, අනාගත වක්තෲත්වය හා මරණින් මතු ජීවිතය පිළිබඳව ඇදහීම් ද මුස්ලිම්වරුන්ගේ මෙන්ම එක හා සමාන විය. බද්ර් යුද්ධයෙන් පසු ඔවුහු මුස්ලිම්වරුන්ගෙන් පළිගැනීම පිණිස, එළිපිටම කුරෙයිෂ්වරුන් සහ සෙසු ගෝත‍්‍රිකයින් උසිගැන්වීමට පටන් ගත්හ. මේ අනුව යුදෙව් ගෝත‍්‍රිකයින් මදීනාහ්වාසීන් සමග සියවස් ගණනාවක් මුළුල්ලේ පැවැති මිත‍්‍ර සහ අසල්වාසි සබඳකම් පිළිබඳව කටයුතු උග‍්‍ර තත්ත්වයකට පැමිණි අතර, විශ්වාසිකයින් හැම අතින්ම කොටුකර තැබීම පිණිස ද මදීනාහ්වේ සිටි කුහකයින් සහ අරාබි ගෝත‍්‍රික පිළිම අදහන්නන් සමග කුමන්ත‍්‍රණය කළ බනී කයිනුකා නමැති කඩාකප්පල්කාරී වූ යුදෙව් ගෝත‍්‍රිකයින්ට පහර එල්ල කිරීමට මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් තීරණය කළේය. මෙම උපද්‍රවය කොතරම් දරුණුවීද යත් මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ ජීවිතය පවා ආන්ත‍්‍රාකාරී තත්ත්වයකට පත්විය. මේනිසා මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ අනුගාමිකයින් ආරක්ෂාව පිණිස ඇඩි උත්සාහයක් ගත් අතර රාත‍්‍රී කාලයෙහිදී ද ක්ෂණික ප‍්‍රහාරයක් බලාපොරොත්තුවෙන් සූදානමින් සිටියහ. ඔවුහු මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් යන එන තැන් ගැන දැඩි විමසිල්ලෙන් පසු වූහ.

3.            යුදේව්වන්ගේ මෙම උසි ගැන්වීම, කුරෙයිෂිවරුන්ගේ හදවත් තුළ ඇවිලෙන් තිබූ ගින්නට පිදුරු දැමීමක් වූ අතර ඔවුහු බද්ර් සටනේ දී ඇති වූ පරාජය සම්බන්ධයෙන් පළි ගැනීමට මෙය අවස්ථාවක් කර ගත්හ. ඉන් වසරකට පසු මදීනාහ්ව ආක‍්‍රමණය කිරීම පිණිස භටයින් 3,000 කින් සමන්විත හමුදාවක් මක්කාහ්වේ සිට පැමිණි අතර එම සටන උහුද් කදු පාමුල සිදු විය. මේ අතර සතුරු හමුදාවට මුහුණ දීම පිණිස භටයින් එක් දහසකින් සැදුණු හමුදාවක් සමග මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් මදීනාහ්වෙන් පිටත පැමිණියේය. මෙම හමුදාව යුද පෙරමුණු වෙත ගමන් කරන අතරතුර හමුදාවේ සිටි කුහකයෝ තුන් සියයක් හමුදාව හැර පළා ගිය අතර ඔවුහු පෙරළා මදීනාහ්ව වෙත පැමිණියහ. කෙසේ වූවද මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් සමග ඉදිරියට ගමන් කළ හත් සියයකින් සමන්විත භට පිරිසක් අතර ද කුහකයෝ සුළු පිරිසක් වූහ. මෙම පිරිස යුද පෙරමුණේ සිටි විශ්වාසිකයින්ට විරුද්ධව හැකි හැම කඩාකප්පල්කාරී කි‍්‍රයාවක්ම කරමින් එහි නොසන්සුන්තාවක් ඇති කළහ. ස්වකීය සහෝදරයින්ට විරුද්ධව බාහිර සතුරන් සමග කුමන්ත‍්‍රණ කිරීමට  ඕනෑම වේලාවක සූදානමින් සිටින කඩාකප්පල්කාරීන් විශාල පිරිස් මුස්ලිම් සමාජය තුළ සිටින බව පළ කළ පළමුවන සිද්ධිය මෙය වන්නේය.

4.            උහුද්හි පසුබැසීමට කුහකයින්ගේ උපක‍්‍රම බොහෝ සෙයින් ඉවහල් වූ අතර මුස්ලිම්වරුන්ගේ දුර්වලකම් ද ඊට හේතු විය. එම දුර්වලතාව සාධාරණ හේතුවක් වූයේ ඔවුන් මානසික ලෙසින් වැටී සිටි නිසාත් නවතම සමාජයට අයත් වූ නිසාත්, නවතම සංකල්පයක් මත එතරම් දුරට පුහුණුවක් නොලැබ සිටි නිසාත්ය. ස්වභාවයෙන්ම කායික හා මානසික ශක්තිය පිළිබඳව මෙම දෙවැනි දැඩි පරීක්ෂණයේ දී ඔවුන්ගේ දුර්වලතා කිහිපයක් ඉස්මතු විය. මෙනිසාය උහුද් සටන ගැන සවිස්තරාත්මකව සොයා බලා මුස්ලිම්වරුන්ගේ අඩුපාඩුකම් ගැන අවවාද කිරීමටත් ඔවුන්ගේ ප‍්‍රතිෂ්ඨාපනය පිණිස උපදේශයන් ඉදිරිපත් කිරීමටත් අවශ්‍ය වූයේ සටන පිළිබඳව මෙම නිරීක්ෂණය මෙවැනි අවස්ථාවන්හි දී හමුදා ප‍්‍රධානීන් විසින් කරනු ලබන නිරීක්ෂණයන්ට හාත්පසින්ම වෙනස්ය.

3. සූරත් ආලූ-ඉම්රාන් (ඉම්රාන්ගේ පවුලේ උදවිය)

මදීනාහ්වෙහි දී හෙළිදරව් කෙරුණකි.                                                        ආයාත් 200 යි.

 

මාතෘකා සහ අන්‍යොන්‍ය සම්බන්ධතා

වාක්‍ය 1 සිට 32 දක්වා

මෙම හැඳින්වීමේ වාක්‍යයන් මගින්, සූරතයේ සාකච්ඡා කරනු ලබන මූලික තේමාවන්ට උචිත වන අන්දමින් අල්ලාහ්, හෙළිදරව්ව හා මරණින් මතු ජීවිතය පිළිබඳ පරම සත්‍යයන් යළි මතක් කර දී ඇත.

1_1

අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙනි.

 

1_1

1. අලිෆ් ලාම් මීම් (1අ)

(1අ)      අල්-කුර්ආන් 2: පාද සටහන් (1අ) සහ 1 බලන්න. 

004. සූරත් අන්-නිසා (ස්ත‍්‍රීන්)

හැඳින්වීම

පිළිවෙළ හා අනුක‍්‍රමය

මෙම සූරතය කොටස් කිහිපයකින් සමන්විත වෙයි. ඒවා පහළ කරන ලද්දේ හිජ්රි වර්ෂ 3 වැන්නේ අගභාගය හා හිජ්රි වර්ෂ 4 වැන්නේ අගභාගය අතරතුර හෝ හිජ්රි වර්ෂ 5 වැන්න ආරම්භයේදි විවිධ අවස්ථාවන්හිදි යැයි කිව හැකිය. මේවායේ නියම ආවිෂ්කාර දිනයන් නිශ්චය කිරීම අපහසු වුවත් මෙහි සඳහන් අණ පනත්ද, ඒවායේ සඳහන් වන සිද්ධින්ද අදාළ හදීසයන්ද ආශ‍්‍රයෙන් සෑහෙන දුරට නිවැරදි වූ වකවානුවක් නිශ්චය කළ හැකිය. නිදර්ශන කිහිපයක් පහත දක්වනු ලැබේ.

අ)         ෂුහදාවරුන්(ජිහාද්හි දිවිපිදු වීරයන්)ගේ උරුම දේපළ බෙදීම පිළිබඳව හා අනත් දරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිළිබඳ උපදෙස් එවන ලද්දේ මුස්ලිම්වරන් 70 දෙනකු ඝාතනය කරනු ලැබූ උහ්ද් සටනින් පසුව බව අපි දනිමු. එවිට ෂුහදාවරුන්ට උරුම දේපළ බෙදීමේ ප‍්‍රශ්නයත්, ඔවුන්ගේ අනත් දරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ ප‍්‍රශ්නයත් මදීනාහ්වේ පවුල් බොහෝ ගණනක් විෂයෙහි උද්ගත විය. මෙයින් අප නිගමනය කරනුයේ 1-28 දක්වා වූ ආයාත් පහළ කරන ලද්දේ එම අවස්ථාවේ දී බවයි.

ආ)        යුද සමයේ දී සලාත් පැවැත්වීම පිළිබඳ පනත පනවන ලද්දේ හිජ්රි 4 වැන්නේ දී සිදු වූ යුද චාරිකාවක් වූ ‘සාත්තුර් රිකාඃ :.්ඔ-ඹඍ-ඍෂූ්්) අවස්ථාවේදි බව අපට හදීසයන්ගෙන් හෙළි වෙයි. මේ අනුව 102 වන ආයතය සහිත දේශනය පහළ කරන ලද්දේ එම අවස්ථාවේදි යැයි අපි නිගමනය කරමු.

ඈ)        යුදෙව්වන්ට කරන ලද අන්තිම අනතුරු ඇඟවීම (47 වන වාක්‍යය) කරන ලද්දේ හිජ්රි 4 වැන්නේ රබී-උල්-අව්වල් මස මදීනාහ්වෙන් බනී නදීර් ගෝත‍්‍රය පළවා හැරීමට පෙරය. මේ අනුව, 47 වන ආයතය එදිනට පෙර යම් අවස්ථාවක හෙළිදරව් කරන ලදැයි පහසුවෙන්ම තීරණය කළ හැක.

ඈ)        තයම්මුම් (ජලය නොමැති විට, පිරිසිදු දුහුවිලි පාවිච්චි කොට පිරිසුදු වීම) පිළිබඳ අවසරය දෙන ලද්දේ හිජ්රි 5 වැන්නේ දී පමණ සිදු වූ බනීල් මුෂ්තලික් යුද චාරිකාවේදීය. එබැවින් 43 වන ආයතය ඇතුළත් වහීය පහළ වූ සමය හිජ්රි 5 වැන්නය.

ඓතිහාසික පසුබිම

දැන් අපි මෙම සූරතය තේරුම් ගැනීම සඳහා මෙම කාලසීමාව පිළිබඳ සාමාජික හා ඓතිහාසික කරුණු සලකා බලමු.

මෙම සූරතයේ සියලූම පාඨයන්ට අදාළ වන්නේ එවකට නබිතුමාට මුහුණ පාන්නට වූ ප‍්‍රධාන ප‍්‍රශ්න තුනකටය. පළමුවෙන්ම ඔහු ව්‍යාවෘතව සිටියේ මදීනාහ්වට සංක‍්‍රමණය වූ කාලයේදි පහළ වූ ඉස්ලාමීය සමාජයේ අංග සම්පූර්ණ සංවර්ධනයක් ඇති කිරීම උදෙසාය. මේ සඳහා ඔහු පූර්ව ඉස්ලාමීය කාලසීමාවට පෙර පැවති පැරණි සදාචාරමය, සංස්කෘතික, සාමාජික, ආර්ථික හා දේශපාලන පිළිවෙත් වෙනුවට නව පිළිවෙත් සමුදායක් හඳුන්වා දෙමින් සිටියේය. ඔහුගේ අවධානය හා ප‍්‍රයන්තයන් යොමු වූ දෙවන කරුණ වූයේ ඔහුගේ ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරයට සර්වප‍්‍රකාරයෙන්ම එරෙහි වූ මුෂ්රික්(අල්ලාහ්ට ආදේශ තබන්නන්) අරාබිවරුන්, යුදෙව් ගෝත‍්‍ර හා ව්‍යාජ අනුගාමිකයන් සමග පැවති තියුණු සටනය. සියල්ලටම වඩා ඔහු විසින් කළ යුතු වුයේ වැඤුයෙන් ජනයාගේ සිත් සතන් දිනා ගැනීම පිණිස මෙකී පාපී බලවේගයන්ගේ තියුණු ප‍්‍රහාරයන්ට මුහුණ දෙන අතරම ඉස්ලාම් පැතිරවීමය.

ඒ අනුව ඉස්ලාමීය සමාජය එක්සත් කිරීම හා ශක්තිමත් කිරීම සඳහා අල්-බකරහ් සූරතයේදී දුන් උපදෙස් තවදුරටත් ඉදීරියට ගෙනයමින් ඒ කරුණ සඳහාම සවිස්තර උපදෙස් මෙම සූරතයෙහි සපයා ඇත. පවුල් ජීවිතය නිරවුල්ව හා සාමකාමීව ගෙනයාමේ මූලධර්ම මෙහි පනවා ඇති අතර පවුල් ආරවුල් විසඳිමේ ක‍්‍රමද උගන්වා තිබේ. විවාහයට අදාළ නීතිරිති පනවා ඇති අතරම භාර්යාවගේ හා ස්වාමිපුරුෂයාගේ අයිතිවාසිකම් සාධාරණ හා යුක්ති සහගත ලෙස බෙදා වෙන් කර ඇත්තේය. සමාජයෙහි කාන්තාවන්ට ලැබිය යුතු තැන තීරණය කොට, අනත් දරුවන්ගේ අයිතිවාසිකම් පිළිබඳ ප‍්‍රකාශයක් කර තිබේ. උරුම වන දේපළ බෙදීම සඳහා අවශ්‍ය නීතිරීති පනවා ඇති අතර ආර්ථික කටයුතු ප‍්‍රතිසංස්කරණය කිරීම සඳහා උපදෙස්ද සපයා ඇත. දණ්ඩ නීතියේ පදනම නියමකොට තිබේ. මත්පැන් බීම තහනම් කරන ලදුව පිරිසිදුකම හා පවිත‍්‍රත්වය රැකගැනීමට අදාළ වූ උපදෙස් දෙන ලදී. යහපත් මනුෂ්‍යයන් විසින් අල්ලාහ් සහ තමන්ගේ සහෝදර ජනයා සමග ඇති කරගත යුතු සම්බන්ධතාවන්හි ස්වභාවය කවරක් විය යුතුද යන්න මුස්ලිම්වරුන්ට උගන්වා ඇත. මුස්ලිම් සමාජයේ විනය රැකීම උදෙසා උපදෙස් සපයන ලද්දේය.

මුස්ලිම්වරුන්ට පාඩම් ඉගැන්වීම සඳහාත්, දහම්ලත් ජනයා අනුගමනය කිරීමෙන් මුස්ලිම්වරුන් කල්තියා වැළැක්වීම සඳහාත් එකී ජනයාගේ සදාචාර හා ආගමික තත්ත්වය සමාලෝචනය කරන ලද්දේය. මුනාෆික්වරුන්(ව්‍යාජ අනුගාමිකයින්)ගේ කි‍්‍රයාකලාපය විවේචනයට භාජන කරනු ලැබ ව්‍යාජ භක්තිය හා සැබෑභක්තිය අතර පවත්නා පැහැදිලි වෙනස්කම් හා ලක්ෂණ පෙන්නුම් කර දී එදෙක වෙන්කොට හැඳින ගැනීමට මුස්ලිම්වරුන්ට මාර්ගය දක්වා තිබේ.

උහද් සටනේ ප‍්‍රතිඵලවලට මුහුණ දීම සඳහා සිය සතුරා හා නිර්භීතව සටන් කරන සේ මුස්ලිම්වරුන් දිරිගන්වනු වස් අල්ලාහ් විසින් උද්වේගකර දේශන එවා ඇත. මක්නිසාද යත්, එම සටනේදි මුස්ලිම්වරුත් ලත් පරාජය නිසා අරාබි මුෂ්රික් ගෝති‍්‍රකයෝත් අසල් වැසි යුදෙව්වරුත් එහි විසු ව්‍යාජ අනුගාමිකයෝත් කෙතරම් දිරිමත් වූවාහුද යත් ඔවුහු දසතින්ම මුස්ලිම්වරුන් වෙත තර්ජන එල්ල කළහ. මෙම බැ?රුම් අවස්ථාවේදි අල්ලාහ් මුස්ලිම්වරුන්ට ධෛර්යය දෙමින් යුදවළාකුන්‍දාවලින් අඳුරු වූ එම අවධියට අවශ්‍ය වන අන්දමේ උපදෙස් ඔවුන් හට දුන්නේය. මුනාෆික්වරුන් හා භක්තිකයෙන් හීන මුස්ලිම්වරුන් විසින් පතුරුවමින් තිබුණු දරුණු කටකතාවලට පිළියමක් වශයෙන් එම දුෂ්‍යමාන ආරංචි පිළිබඳව සම්පූර්ණයෙන් කරුණු පරීක්ෂා කොට වගකිවයුත්තන්ට ඒ පිළිබඳ ව දැනුම් දෙන ලෙස ජනයාට දන්වන ලදී. සටන් කිරීම උදෙසා ඔවුන් ගිය ඇතැම් තැන්වල වුන්‍දා කිරිම සඳහා ජලය නොවුහෙයින් සලාත් පැවැත්වීමෙහිලා යම් යම් දුෂ්කරතාවන්ට මුහුණ දීමට ඔවුන්ට සිදු විය. එවැනි අවස්ථාවන්හිදි පිරිසිදු පස් උපයෝගී කොට තයම්මුම් කර ගැනීමටත් තමන් අන්තරායකට මුහුණ පාමින් සිටින විට බිය හා සන්ත‍්‍රාසය පවතින අවස්ථාවේදි සලාතය කෙටියෙන් ඉටු කිරීමටත් ඔවුන්ට අවසර දෙන ලදී. කාෆිර් අරාබි ගෝත‍්‍රයන් අතර විසිර සිටි ඔවුන් හා බොහෝ විට යුද වැදුණු මුස්ලිම් ජනයා පිළිබඳ දුෂ්කර ප‍්‍රශ්නය විසඳීම සඳහාද උපදෙස් දෙන ලදී. ඉස්ලාමයේ නිජභූමිය වූ මදීනාහ්වට සංක‍්‍රමණය වන ලෙස ඔවුන්ට ඇරැයුම් කරන ලදී.

මුස්ලිම් ජනයා සමග සමගි සම්මුතිවලට ඇතුළත් වු නමුදු ඔවුන් කෙරෙහි සතුරු වූත් තර්ජනාත්මක වූත් ආකල්පයක් දැක් වූ බනී නදීර් ජනයා පිළිබඳවද මෙම සූරතයෙහි සඳහන් වෙයි. ඔවුහු මදීනාහ්වෙහිදී පවා ඉස්ලාමයේ සතුරන් හා එළි්පිටම එක් වෙමින් නබිතුමාට හා මුස්ලිම් සමාජයට එරෙහිව කුමණ්ත‍්‍රණය කරමින් පසුවූහ. ඔවුන්ගේ එම දුෂ්ට කි‍්‍රයා කලාපය වෙනුවෙන් ඔවුන්ට දොෂාරෝපණය කරනු ලැබ, ආකල්පය වෙනස් කර ගන්නා ලෙස අවසන් අනතුරු ඇඟවීමක්ද කරන ලදී. අන්තිමේදි ඔවුන්ගේ ඉරණම වූයේ විෂමාචාරි හැසිරීම හේතුවෙන් ඔවුන් මදීනාහ්වෙන් පළවා හරිනු ලැබීමය.

මේ අවධියේදි මහත් කරදරකාරී ප‍්‍රශ්නයක් වූ මුනාෆික්වරු, මුඃමීන්වරුන්ට මහත් දුෂ්කරතාවන් ඇති කළහ. එබැවින් ඔවුන් විෂයෙහි නිසි කි‍්‍රයා මාර්ගයන් ගැනීමට මුස්ලිම්වරුන්ට හැකි වන පරිදි ඔවුහු විවිධ ගණවලට බෙදන ලදහ.

තවද තමන්ට එරෙහිව සටනට ඉදිරිපත් නොවු ගෝත‍්‍රයන් සම්බන්ධයෙන් මුස්ලිම්වරුන් දැරිය යුතු ආකල්පය පිළිබඳවද පැහැදිලි උපදෙස් දෙන ලදී. එකල ඉටුකළ යුතුව තිබුණු ප‍්‍රධානතම කාර්තව්‍යය වූයේ ඉස්ලාමයට එරෙහි වූවන් හා තියුණු සටනකට මුස්ලිම්වරුන් සුදානම් කිරීමය. මේ සඳහා මුල් තැන දෙන ලද්දේ මුස්ලිම්වරුන්ගේ චරිත හැඩගැස්වීම කෙරෙහිය. මක්නිසාද යත්, එම කුඩා මුස්ලිම් ජනතාවට ජයග‍්‍රහණය කළ හැක්කේ, එසේ නොමැතිනම් දිවි රැකගෙන විසිය හැක්කේ ඔවුන්ට උසස් චරිතයක් සතු වුවහොත් පමණකි. එබැවින් උසස්ම සදාචාර ගතිගුණ වඩන ලෙස ඔවුන්ට නියම කරන ලදී. ඔවුන් තුළ යම් දුබල චරිත ලක්ෂණ දක්නට ලැබුණි නම් ඒවා නිර්දය ලෙස දෝෂාරෝපණයට ලක් කරන ලදී.

මෙම සූරතයට විෂය වී ඇත්තේ ප‍්‍රධාන වශයෙන්ම සදාචාර හා සමාජ ප‍්‍රතිසංස්කරණය වුවද, ඉස්ලාමය පැතිරවීම කෙරෙහිද නිසි අවධානය යොමු කොට ඇත. එක් අතකින් යුදෙව්වන්ගේද කි‍්‍රස්තු භක්තිකයන්ගේ හා මුෂ්රික්වරුන්ගේද සභ්‍යත්වයට වඩා ඉස්ලාමීය සදාචාරයේ හා සංස්කෘතියේ උත්තරීතරභාවය සනාථ කොට ඇත. අනිත් අතට, එම කාෆිර්වරුන් සත්‍යයේ මාර්ගය වෙත කැඳවා ගැනීම සඳහා පසුබිම සකස් කිරීම පිණිස ඔවුන්ගේ මිථ්‍යාචාරය හා දුෂ්ට කි‍්‍රයාවන් විවේචනයට භාජනය කොට ඇත.

005. සූරත් අල්-මාඉදහ් (බොජුන් බන්දේසිය)

හැදින්වීම

නාමය

මෙම සූරතයට අල් මාඉදාහ් යන නාමය ලැබෙන්නේ 112 වන වාක්‍යයෙහි සඳහන් වන අල් මා ඉදාහ් යන පදයෙනි. වෙනත් බොහෝ සූරතයන්ගේ නාමයන් මෙන්ම මෙම නාමයද මේ සූරතයේ විෂයය හා විශේෂ සම්බන්ධතාවක් නොමැත. එය භාවිතා කොට ඇත්තේ හුදෙක් වෙනත් සූරතයන්ගෙන් වෙන් කොට හැඳිනගැනීමේ සංකේතයක් වශයෙන් පමණකි.

පහළ වූ කාල සීමාව

හි.ව. 6 වැන්න අවසානයේදී හෝ හි.ව. 7 වැන්න ආරම්භයේදී මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමන් හා කුරෙයිෂ් මුෂ්රික්වරුන් (අල්ලාහ්ට ආදේශ තබන්නන්) අතර ඇති වූ හුදය්බීයා  ගිවිසුමෙන් පසුව මෙම සූරතය පහළ කරන ලැදැයි මෙහි තේමාවෙන් පෙනී යයි. නබිතුමාගේ හදීස්වලින්ද එය තහවුරු වෙයි. එබැවිනි, එම ගිවිසුමෙන් ඉස්මතු වූ ප‍්‍රශ්නයන් මෙහි විමර්ශනයට ලක් වී ඇත්තේ.

මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා හි.ව. 6 වැන්නේ (11 වැනි මස වූ) දුල් කඋදාහ් මස උම්රාහ් ඉටු කිරීම සඳහා මුස්ලිම් බැතිමතුන් 1400 ක් කැටුව මක්කාහ්ව වෙත ගියේය. එහෙත් මුස්ලිම්වරුන් කෙරෙහි තමන් තුළ වූ වෛරයෙන් උසි ගැන්වුණු කුරෙයිෂ්වරු ඔවුනට උම්රාහ් ඉටු කිරීමට ඉඩ නුදුන්හ. ඔවුන්ගේ එම ක‍්‍රියාව අරාබියේ පෙර සිට පැවති සියලූම චිරාගත ආගමික සම්ප‍්‍රදායයන්ට පටහැනි වූ ක‍්‍රියාවක් විය. අනතුරුව දෙපක්ෂය අතර පැවති තියුණු හා දැඩි අදහස් හුවමාරු හා සාකච්ඡුාදියෙන් පසු හුදය්බීයා යන ස්ථානයේදී ගිවිසුමකට ඇතුළත් වන ලදී. ඒ අනුව ඊළඟ වසරේදී එතුමාට හා මුස්ලිම්වරුන්ට උම්රාහ් ඉටු කළ හැකි බවට ගිවිස ගන්නා ලදී. සැබෑ ඉස්ලාමික අභිමානයෙන් යුතුව මක්කාහ්වට වන්දනා ගමනක් යාමේ නිසි ක‍්‍රමය මුස්ලිම්වරුන්ට ඉගැන්වීම සඳහාත් කාෆිර්වරුන් තමන්ට කළ එදිරිවාදුකම්වලට පළිගැනීමක් වශයෙන් ඔවුන් මක්කාහ්වට වන්දනා ගමන් යාමෙන් වැළැක්වීමට මුස්ලිම්වරුන් තැත් නොකළ යුතුයැයි නියම කිරීම සඳහාත් මෙය උචිත අවස්ථාවක් විය, ඒ කාෆිර්වරුන් තමන් මක්කාහ්ව කරා යන ගමනේදී මුස්ලිම් ජනාවාස පසු කොට යා යුතු වූ හෙයින් එය දුෂ්කර කරුණක් නොවීය. මෙනයිනි, මෙම සූරතයේ ප‍්‍රාරම්භ වාක්‍යවල මක්කාහ් වන්දනා ගමනට අදාළ කරුණු සඳහන් වන්නේ. 101-104 දක්වා වාක්‍යවල එම තේමාව ගැනම යළිත් කරුණු කියැවෙන හෙයින්ද මෙම සූරතයේ අවශේෂ මාතෘකා එම කාලසීමාවටම අයත් වන බව පෙනේ.

මෙම සූරතට විෂය වූ තේමාව දිගටම නොකඩවා ඇතුළත්ව තිබීමෙන් පෙනී යන්නේ එය එකම අවස්ථාවකදී එකම දේශනයක් වශයෙන් පහළ වූවා විය හැකි බවයි. නමුත් පසුකාලයකදි පහළ කරනු ලැබූ ආයාත් පසුව මෙම සූරතයේ ඇතුළත් කළා විය හැකි යැයි සමහරු අදහස් කරති. එහෙත් මෙම සූරතය දේශනා දෙකකින් හෝ ඊට වැඩි ගණනකින් සමන්විත වූ බව දක්වන කිසිම හිස් තැනක් එහි ඇති බව නොපෙනේ.

පහළ වූ අවස්ථාව

ආලූ ඉම්රාන් සහ අන් නිසා සූරතයන් පහළ කළ කාලයේ පැවති තත්ත්වයන්ට වෙනස් තත්ත්වයක් පැවති කාලයක අවශ්‍යතාවන්ට සරිලන පරිදිය මෙම සූරතය පහළ කර ඇත්තේ. මීට පෙර උහද් සටනේදී ලද පසු බැස්ම නිසා මදීනාහ්වේ අවට පරිසරය පවා මුස්ලිම්වරුන්ට අන්තරාදායක විය. එහෙත් දැන් ඉස්ලාමය, බිඳිය නොහැකි බලවේගයක් බවට පත්ව ඇත. ඉස්ලාමීය රාජ්‍යය නැගෙනහිරින් නජ්ද් දක්වාද බටහිරින් රතු මුහුද දක්වාද උතුරින් සිරියාව දක්වාද දකුණින් මක්කාහ්ව දක්වාද විහිද ඇත. උහද්හිදි මුස්ලිම්වරුන් ලද පසු බැස්ම ඔවුන්ගේ අධිෂ්ඨාන ශක්තිය බිඳීමට තරම් සමත් වී නැත. ඉන් සිදු වී ඇත්තේ ඊට ඉඳුරා විරුද්ධ දෙයකි. ඔවුන් නොකඩවා ගෙන ගිය අරගලයේ හා අසමාන කැප කිරීම් හේතුවෙන් ඔවුන් අවට සැතපුම් 200ක පමණ වට ප‍්‍රමාණයේ විසූ අසල් වැසි ගෝත‍්‍රිකයින්ගේ බලය බිඳිණ. මදීනාහ්වට නිරන්තර තර්ජනයක් වූ යුදෙව් බලය සම්පූර්ණයෙන්ම ඉවත් කොට තිබිණ. හිජාසයේ වෙනත් කොටස්වල විසූ යුදෙව්වරු මදීනාහ් රාජ්‍යයේ යටත් ප‍්‍රදේශවාසීන් බවට පත්ව සිටියහ. කුරෙෂ්වරුන් විසින් ඉස්ලාමය යටත් කිරීමට දැරූ අවසන් ප‍්‍රයත්නය අගල් යුද්ධයෙන් ව්‍යර්ථ විය. මින්පසු කිසිදු බල වේගයකට ඉස්ලාමීය ව්‍යාපාරය යටපත් කිරීමට නොහැකි බව අරාබි ජාතිකයින්ට උදක්ම පැහැදිළි විය. දැන් ඉස්ලාමය ජනතාවගේ සිත් සතන් පාලනය කළ හුදු ආගමක් පමණක් නොව රාජ්‍යයක් බවටද පත්ව තිබිණ. මෙම ඉස්ලාමීය රාජ්‍යය එහි දේශ සීමාවන් ඇතුළත විසූ ජනයාගේ ජීවිතයේ සෑම අංශයක් කෙරෙහිම ප‍්‍රබල ආභාෂයක් විය. මේ නිසා මුස්ලිම්වරුන්ට තමන්ගේ විශ්වාසයන් අනුව කිසිම බාධාවකින් හෝ හිරිහැරයකින් තොරව සිය දිවි ගෙවීමට හැකි විය.

මෙම කාල සීමාවේදී තවත් නැගී ආ සාධකයක් විය. ඉස්ලාමීය ප‍්‍රතිපත්ති හා ඉස්ලාමීය දෘෂ්ටි කෝණය අනුව මුස්ලිම් ශිෂ්ටාචාරය හැඩ ගැසී තිබිණ. මෙම ශිෂ්ටාචාරය සියලූම අංගෝපාංගයන් අතින් අන් සියලූම ශිෂ්ටාචාරයන්ට වඩා සුවිශේෂ විය. ඒ අනුව සදාචාරාත්මක සාමාජික හා සංස්කෘතික හැසිරීම අතින් මුස්ලිම්වරුන් මුස්ලිම් නොවන්නන්ගෙන් සම්පූර්ණයෙන් වෙනස් බව පැහැදිලිවම කැපී පෙනිණ. ඉස්ලාමීය රාජ්‍යයේ ඒ ඒ පෙදෙස්වල මස්ජිද් පිහිටුවා තිබිණ. ඔවුන්ගේ නීතිය සමූහ ක‍්‍රමය වූ ජමාඅත් (සාමුහික නැමදුම) වීමද සෑම ජනාවාසයකටම හා ගෝත‍්‍රයකටම ඉමාම්(නායක)වරයකු පත් කිරීමද සිදු විණ. ඉස්ලාමීය සිවිල් හා අපරාධ නීතිය සවිස්තරව සම්පාදනය කරනු ලැබ එය ඉස්ලාමීය අධිකරණ මගින් ක‍්‍රියාත්මක කෙරිණි. පැරණි වෙළෙඳාමේ ක‍්‍රම වෙනුවට නවීන වූත් ප‍්‍රතිසංස්කෘත වූත් ක‍්‍රම අනුගමනය කරනු ලැබිණ. ඉස්ලාමීය විවාහ හා දික් කසාද නීතිය, ස්ත‍්‍රී පුරුෂ දෙපක්ෂය වෙන් වෙන් වශයෙන් විවිධ කටයුතුවල යෙදීම, පරදාර හෝ පරපුරුෂ සේවනය හා අපහාස කිරීම වැනි දේට දඬුවම් දීම යන මේ සාධක නිසා මුස්ලිම්වරුන්ගේ සමාජ ජීවිතය, ඊටම ආවේණික වූ විශේෂ ස්වරූපයක් ගත්තේය. මෙම සියලූ වෙනස්වීම් නිසා මුස්ලිම්වරුන් යළි තමන්ගේ රැුහැනට පැමිණෙතැයි බලාපොරොත්තු වීමට මුස්ලිම් නොවන ජනායට නොහැකි විය.

හුදය්බීයා ගිවිසුමට පෙර මුස්ලිම්වරු මුස්ලිම් නොවන කුරෙයිෂ්වරුන් සමඟ පැවති තම අරගලයෙහි කෙතරම් දුරට යෙදී සිටියාද යත්, ඔවුන්ට තම ආගම දහම පැතිරැුවීමට අවකාශයක් නොලැබිණ. බැලූ බැල්මට හුදය්බීයා ගිවිසුම පරාජයක් මෙන් පෙණුනද එමගින් මෙම බාධකය ඉවත්වීම නිසා සැබැවින්ම එය ජයග‍්‍රහණයක් විය. මෙහි ප‍්‍රතිඵලය වූයේ මුස්ලිම්වරුන්ට තමන්ගේම වාසභූමියෙහිදී සාමය ලැබීම පමණක් නොව අවට පෙදෙස්වල තම ආගම දහම පතුරුවාලීමටද යම් විවේකයක් ලැබීමය. මේ අනුව මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ඉරානයේ, ඊජිප්තුවේ හා රෝම අධිරාජ්‍යයේ පාලකයන්ටද අරාබි නායකයින්ටද හසුන් යවමින් ඉස්ලාමය වැළඳගන්නා ලෙස ඔවුනට ඇරැුයුම් කළහ. ඒ සමඟම ඉස්ලාමීය ධර්මදූතයෝ විවිධ කුල හා ගෝත‍්‍රයන් අතරට ගොස් අල්ලාහ්ගේ දිව්‍ය මාර්ගයට අවතීර්ණ වන ලෙස ඔවුනට ආරාධනය කර සිටියහ.

මෙම තත්ත්වයන් පවතිද්දීය අල් මාඉදාහ් සූරතය පහළ වූයේ.

විෂයකරණය

පහත දැක්වෙන ප‍්‍රධාන විෂය තුන මෙහි ඇතුළත් වේ:)

1.)           මුස්ලිම්වරුන්ගේ ආගමිකල සංස්කෘතික හා දේශපාලන ජීවිතයට අදාළ පනත් හා උපදෙස්.

මෙහිලා හජ් ගමනට අදාළ චාරිත‍්‍ර වාරිත‍්‍ර පිළිබඳව රීති සංග‍්‍රහයක් පනවා ඇත. අල්ලාහ්ගේ සංකේතයන්ට නොවළහා ගරු බුහුමන් කරන ලෙස නියම කර ඇත. තවද කඃබාහ්ව වෙත යන සැදැහැවතුන්ට කවර ආකාරයකින් හෝ බාධා කිරීම් හෝ අවහිර කිරිම් තහනම් කර තිබේ. ආහාරය පිළිබඳව කැප අකැප දේ පිළිබඳව නිශ්චිත නීතිරීති පනවා ඇත. එහිලා පූර්ව ඉස්ලාමික යුගයේ ජනයා විසින් තමන්ගේම සිතැඟි පරිදි පනවා ගෙන තිබුණු අඥාන සීමා කිරීම් හා නියමයන් අහෝසි කරන ලදී. දහම් ලත් ජනයාගේ ආහාර ගැනීමටද ඔවුන්ගේ ස්ත‍්‍රීන් සරණ පාවා ගැනීමටද අවසර දී ඇත. සලාත් ඉටු කිරීමට වුළුෑ නම් පිරිසිදුවීමේ ක‍්‍රමයද ස්නානය හා පවිත‍්‍ර වීමේ කටයුතු හා තයම්මුම් (දුහුවිලිවලින් පවිත‍්‍ර කර ගැනීම) පිළිබඳව නීතිරීති පනවා තිබේ. කැරලි ගැසීම, සාමය කඩ කිරීම හා සොරකම් සඳහා දඬුවම් නියම කොට තිබේ. සුරාව හා සූදුව සහමුලින්ම නීති විරෝධී කර තිබේ. දිවුරුම් කඩ කිරීමට ලැබිය යුතු දඬුවම්ද පනවා ඇති අතර, සාක්ෂි දැරීමේ නීතියට තව කරුණු කිහිපයක් එකතු කොට ඇත.

2.)           මුස්ලිම්වරුන්ට අවවාදානුශාසනා.

මෙවකට මුස්ලිම්වරුන් පාලකයන් වී සිටි හෙයින්, බලය නිසා ඔවුන් දූෂණය වීමට ඉඩ ඇතැයි සලකන ලදී. මෙම මහා පරීක්ෂණාත්මක සමයේදී යුක්තියෙන් බැහැර නොයන ලෙසත්, තමන්ගේ පූර්වගාමීන් වූ දහම් ලත් ජනයාගේ අයහපත් හැසිරීමෙන් වැළකී සිටින ලෙසත් අල්ලාහ් ඔවුන්ට අනුශාසනා කළේය. අල්ලාහ් සහ අල්ලාහ්ගේ නබි(වක්තෘ)වරයාගේ ගිවිසුම කඩ කළ යුදෙව්වන්ට හා ක‍්‍රිස්තියානිවරුන්ට අත්පත් වූ අනිෂ්ට විපාකවලින් මිදෙන පරිද්දෙන් එම ගිවිසුමට තරයේ අනුකූල වන ලෙසත් ඔවුන්ගේ පනත් හා තහංචි එකහෙළාම අනුගමනය කරන ලෙසත් මුස්ලිම්වරුන්ට නියම කරන ලදී. තමන්ගේ සියලූම කටයුතුවලදී අල්-කුර්ආනයේ නියමයන් පිළිපදින ලෙස ඔවුන්ට උපදෙස් දී ඇති අතර, කුහක ආකල්ප නොදරන ලෙසටද අනතුරු ඇඟවීමක් කර ඇත.

3.)           යුදෙව්වන්ට හා කිතුනුවන්ට කර ඇති අවවාදානුශාසනා.

යුදෙව්වන්ගේ බලය මුළුමනින්ම දුබල කරන ලද හෙයින්ද උතුරු අරාබියේ ඔවුන්ගේ වාසභූමි සියල්ලක්ම වාගේ මුස්ලිම්වරුන්ගේ පාලනයට නතු වූ හෙයින්ද, වැරදි ආකල්පයන් ඇතිකර නොගන්නා ලෙසත්, නිවැරදි මාර්ගය අනුගමනය කරන ලෙසත් ඔවුන්ට අනතුරු ඇඟවීමක් කර තිබේ. ඒ සමඟම ක‍්‍රිස්තියානිවරුන්ටද සවිස්තර ආරාධනයක් කර ඇත. ඔවුන්ගේ ආගම්වල ඇති සදොස් තැන් පැහැදිලිව පෙන්වා දී මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාගේ මාර්ගෝපදෙශය පිළිගන්නා ලෙස අනුශාසනා කොට තිබේ. ඒ අතරම යාබද රටවල වෙසෙන මජූසිවරුන්(අග්නි වන්දනාකරුවන්)ට හා පිළිම වඳින්නවුනට කෙළින්ම ඇරැුයුමක් කර නැති බව පෙනී යනු ඇත. මක්නිසාද යත්, මුෂ්රික් අරාබි ජාතිකයින්ට කළ ඇමතුමට ඔවුන්ද ඇතුළත් වූ හෙයින් ඔවුන් සඳහා වෙනම ඇමතුමක් අවශ්‍ය නොවූ හෙයිනි. 

006. සූරත් අල්-අන්ආම් (ගවමහිෂාදීන්)

 

හැඳින්වීම

නාමය

මෙම සූරතයේ නම ඊට ලැබෙන්නේ මෙම සූරතයේ සඳහන් අංක 136,138,139 වන ආයාත් (වාක්‍ය) මගිනි. ඇතැම් අන්ආම් (ගවමහිෂාදීන්) නීත්‍යානුකූලය. ඇතම් ගවමහිෂාදීන් නිත්‍යානුකූල නොවේයැයි සමහර පිළිම වන්දනාකාර අරාබි ජාතිකයන් දැරූ අන්ධ විශ්වාසය ඉහත සඳහන් ආයාත් මගින් බිඳ හෙළා ඇත.

පහළ වූ කාල සීමාව

මෙම සූරතය මක්කාහ්වෙහිදි එකම අවස්ථාවක පහළ වූ බව ඉබ්නු අබ්බාස් (රලියල්ලාහු අන්හු) තුමා පවසයි. “මෙම සූරතය පහළ කෙරෙන අවස්ථාවේදී මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ඔටු දෙනක පිටමත ගමන් කරමින් සිටියහ. මම ඔටුදෙනගේ නාස් ලණුව අල්ලාගෙන සිටියෙමි. ඔටු දෙනට ඒ (සූරතයේ) වහී(ආවිෂ්කාරය)වල බර කෙතරම් තදින් Read the rest of this entry »

007. සූරත් අල්-අඋරාෆ් (උච්චස්ථානය)

හැඳින්වීම

නාමය

අල්-අඋරාෆ් යන නාමය මෙම සූරත(පරිච්ඡේද)යේ 46 සහ 48 වන ආයාත්(වාක්‍යයන්)හි සඳහන් වන බැවින් එම නාමය මෙම සූරතයට ලබා දී තිබේ.

පහළ වූ කාල සීමාව

මේ සූරතය(පරිච්ඡේදය)ට අදාළ ආයත් (වාක්‍යයන්) පිළිබඳ අධ්‍යනය කි;මේදී එයට අදාළ කාලසීමාව අල් අන්ආම් සූරතයට අදාළ කාල සීමාවම බව පෙනී යයි. එනම් මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා මක්කාහ්වේ ගත කළ අවසාන වර්ෂය තුළ වේ. නමුත් එම Read the rest of this entry »

008. සූරත් අල්-අන්ෆාල් (යුද්ධයේදී අත්පත් වූ දෑ)

 

හැඳින්වීම

නාමය

සූරතයේ පළමුවැනි වාක්‍යයේ එන අල්-අන්ෆාල් (යුද්ධයේදී අත්පත් වූ දෑ) යන්නෙන් එම නම ලැබෙයි.

පහළ වූ කාල සීමාව

ඉස්ලාම් සහ කුෆ්ර් (ප‍්‍රතික්ෂේප වාදය) අතර ප‍්‍රථම සටන වන බද්ර් සටනින් පසුව හිජ්රි දෙවැනි වසරේදි දී මෙය පහළ විය. එම සටන පිළිබඳ විස්තරාත්මක සහ විස්තීර්ණ සමාලෝචනයක් අඩංගු වන බැවින් එය බොහෝ දුරට එකම කාලයෙහිදී පහළ කරන ලදැයි කිව හැකිය. එහෙත් මේ සටනේ ප‍්‍රතිඵලයක් වශයෙන් පැන නැගුණ ප‍්‍රශ්න පිළිබඳ සමහර වාක්‍යයන් පසු කලෙක පහළ කර එය අඛණ්ඩ සමස්තයක් බවට පත් කිරීම පිණිස නිසි තැන්වලදි අන්තර්ගත කළා විය හැකිය. කවර හේතුවක් නිසා වත් මේ සූරතය සමස්තයක් වශයෙන් ගෙන බලන කල එය (වෙන් වෙන් කාල වකවානුවලදී පහළ වූ) කොටස් අමුණා එකතු කළ දේශන මාලාවක එකතුවක් ලෙසසැලකීමට කරුණු කිසිවක් නැත. Read the rest of this entry »

009. සූරත් අත්-තව්බාහ් (පශ්චාත්තාපය)

හැඳින්වීම

නාමය

මෙම සූරතය නම් දෙකකින් හැඳින්වෙයි. එනම් අත්-තව්බාහ් සහ අල්-බරාඅත් යනුවෙනි. එය අත්-තව්බාහ් යනුවෙන් හැඳින්වෙනුයේ තව්බාහ් (පසුතැවිල්ල-පශ්චාත්තාපය) යන්නෙහි ස්වභාවය විස්තර කරන නිසා සහ එය පිළිගැනීමේ කොන්දේසි සඳහන් කරන නිසාය. මෙය මෙම පරිච්ඡේදයේ 102-118 දක්වා වූ වාක්‍යයන්ගෙන් පැහැදිලි කෙරෙයි.

මෙම සූරතයේ දෙවැනි නාමය බරාඅත් (මුදාහැරීම) යන වචනය ගෙන ඇත්තේ සූරතය ආරම්භ වන පළමුවැනි වචනයෙනි.

මෙම සූරතයට බිස්මිල්ලාහ් ඉවත් කිරීම සිදුවූයේ ඇයි? Read the rest of this entry »

010. සූරත් යූනුස් (ජොනාහ්)

හැදින්වීම

නාමය

සූරතයේ 98 වැනි වාක්‍යයෙහි යූනුස් (අලෙයිහිස් සලාම්)තුමා ගැන සඳහන් වන අතර එයින් සූරතයට මේ නම ලැබෙයි. සාමාන්‍යයෙන් මෙම නම සංකේතාත්මක වන අතර සූරතයේ යූනුස් (අලෙයිහිස් සලාම්) තුමාගේ කථාව කියන බවක් එයින් නොහැෙඟයි.

පහළ කිරීමේ ස්ථානය Read the rest of this entry »

Older posts «

Fetch more items