«

»

Jan 10

002. සූරත් අල්-බකරහ් (එළදෙන) – 1 කොටස – ආයත් 01 – 20

පටුන

002. සූරත් අල්-බකරහ්  – හැඳින්වීම
002. සූරත් අල්-බකරහ් – සංක්ෂිප්ත අර්ථ විවරණය
002. සූරත් අල්-බකරහ්  – සරල අර්ථ විවරණය (තෆ්හීම්) – 1 කොටස – ආයත් 01 – 20
002. සූරත් අල්-බකරහ්  – සරල අර්ථ විවරණය (තෆ්හීම්) – 2 කොටස – ආයත් 21 – 39
002. සූරත් අල්-බකරහ් – සරල අර්ථ විවරණය (තෆ්හීම්) – 3 කොටස – ආයත් 40 – 120
002. සූරත් අල්-බකරහ් – සරල අර්ථ විවරණය (තෆ්හීම්) – 4 කොටස – ආයත් 121 – 141
002. සූරත් අල්-බකරහ් – සරල අර්ථ විවරණය (තෆ්හීම්) – 4 කොටස – ආයත් 142 – 152
002. සූරත් අල්-බකරහ් – සරල අර්ථ විවරණය (තෆ්හීම්) – 5 කොටස – ආයත් 153 – 251
002. සූරත් අල්-බකරහ් – සරල අර්ථ විවරණය (තෆ්හීම්) – 6 කොටස – ආයත් 252 – 260
002. සූරත් අල්-බකරහ් – සරල අර්ථ විවරණය (තෆ්හීම්) – 7 කොටස – ආයත් 261 – 263
002. සූරත් අල්-බකරහ් – සරල අර්ථ විවරණය (තෆ්හීම්) – 8 කොටස – ආයත් 264 – 286
002. සූරත් අල්-බකරහ්  –  සවිස්තරාත්මක අර්ථ විවරණය (තර්ජුමා)
002. සූරත් අල්-බකරහ් –  අරාබි සිංහල විවරණ හඬ පට 

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

002. සූරත් අල්-බකරහ් (එළදෙන)

මදීනාහීදී හෙළිදරව් කෙරුණකි.                                         ආයාත් 286 යි.

තේමාව-මඟපෙන්වීම

මෙම සූරතය වනාහි දේව මඟපෙන්වීම උදෙසා කෙරෙන ආරාධනාවකි. මෙහි එන සියලූම කථාන්තර සිද්ධි ආදිය මෙම ප්‍රධාන තේමාව වටා ගෙතී ඇත. මෙම සූරතය විශේෂයෙන්ම යුදෙව්වරුන් අමතා කරන ලද්දක් හෙයින්, මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා හෙළිදරව් කරනු ලැබූ මඟපෙන්වීම පිළිගැනීම ඔවුන්ගේ යහපතට හේතුවන්නක් බව ඔවුන්ට ප්‍රත්‍යක්ෂ කරවීම සඳහාත්, අනුශාසනා කිරීම සඳහාත් ඔවුන්ගේ ඉතිහාසයෙන් ගත් සිද්ධීන් රාශියක් මෙහි ගෙන හැර දක්වා ඇත. එහෙයින් එය පිළිගන්නා පුරෝගාමීහූ විය යුත්තේ ඔවුහුමය. මක්නිසාදයත්, එය මූලික වශයෙන් මූසා (අලෙයිහිස් සලාම්) තුමාණන්ට හෙළිදරව් වූ මඟපෙන්වීමම වන හෙයිනි.

මාතෘකා සහ අන්‍යොන්‍ය සම්බන්ධතා

වාක්‍ය 1 සිට 20 දක්වා

මෙම ආරම්භක වාක්‍යයන්ගෙන් අල්-කුර්ආනය මාර්ගෝපදේශක ග්‍රන්ථයක් බව පැවසෙයි. අල්ලාහ් කෙරෙහි විශ්වාසය, නබිත්වය හා මරණින් මතු ජීවිතය යන ඉස්ලාමීය විශ්වාසයේ අංග තුන ඉන් ගෙන හැර දැක්වෙයි. එම දහම පිළිගැනීම මත හෝ නොපිළිගැනීම මත, අල්-කුර්ආනය මිනිසුන් තුන් ගණයකට ඛෙදයි. එනම් විශ්වාසිකයෝ, අවිශ්වාසිකයෝ සහ කුහකයෝ යනුවෙනි.

අපරිමිත  දයාන්විත  අසමසම කරුණාන්විත  අල්ලාහ්ගේ  නාමයෙනි.

1. අලිෆ් ලාම්(1අ) මීම්1

(1අ)මේ අරාබි හෝඞ්යේ අක්ෂරයන් තුනකි. අල්-කුර්ආනයේ ඇතැම් සූරතයන් මෙවැනි තනි අක්ෂරවලින් ආරම්භකර ඇත. මෙලෙස සූරතයන්හී මුලට භාවිතා කර ඇති මෙම අක්ෂර “හුරුෆ්-අල් මුකත්තආත්” (තනි අකුරු) නමින් හැඳින්වේ. අල්-කුර්ආන් විශ්ලේෂකයින් මේවාට විවිධ අර්ථකථන සපයා ඇත.

මෙලෙස අල්-කුර්ආනයේ විවිධ හුරුෆ්-අල් මුක්තආත් අක්ෂරවලින් ආරම්භ කරන සූරතයන් 29 ක් ඇත. මෙම සූරතයන්හී අල්-කුර්ආනයේ විශ්මිත බව පිළිබඳව විවිධ අන්දමින් විස්තර කර තිබීම, මෙවැනි සූරතයන්ටම ආවේනික වූ ගුණාංගයන් බවට පත්ව ඇත. එබැවින් හුරුෆුල් මුකත්තආත් වලින් ඇතැම් සූරතයන් ආරම්භ කිරීමේ මූලික අරමුණ වන්නේ අල්-කුර්ආනය අල්ලාහ්ගේ ධර්ම ග්‍රන්ථය බව පිළිගැනීමට එකඟ නොවූ අයට ඔවුන්ගේ සැකය, සාවද්‍ය බව ඔප්පු කිරීමටත්ය. තවද මෙය මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමන් විසින් කරන ලද කර්තව්‍යයක් යැයි ඔවුන් පවසන්නේ නම්, කියවීමට හා ලිවීමට නොදත් එතුමාට වඩා විවිධ කෙෂ්ත්‍රයන්හි බහුශ්‍රැත පණ්ඞ්තයන් වූ නුඹලාට හෝ නුඹලා වැන්නවුන්ටද මෙවැන්නක් ඉදිරිපත් කළ නොහැක්කේ මන්දැයි අභියෝග කිරීමක් වැනි යැයි ඇතැම් විශාරදයෝ පවසති. මෙලෙස අල්-කුර්ආන්හි අඩංගු හුරුෆ්-අල් මුකත්තආත් වැනි සුවිශේෂ අංගයන් අරාබිවරුන්ගේ සිත් අල්-කුර්ආනය වෙත ඇදී යන්නට සැලැස්වූ උපක්‍රමයක් ලෙසද සඳහන් කළ හැකිය.

(1)අල්-කුර්ආනයේ සූරතයන් කිහිපයකම මුලට යොදා ඇති අරාබි හෝඞ්යේ අලිෆ්, ලාම්, මීම් වැනි අකුරු අල්-කුර්ආනය හෙළිදරව් වූ  කාලයේදී අරාබි සාහිත්‍යයෙහි සුලභ භාවිතයේ පැවති කෘතීන් සංස්කරණය  කළ කවීහු මෙන්ම කථිකයෝද (මෙම ශෛලිය) උපයෝගී කොට ගත්හ. මේ පිළිබඳ නිදසුන් දැනට ශේෂව ඇති ප්‍රාග්-ඉස්ලාමීය ගද්‍ය හා පද්‍ය කෘතිවල විද්‍යමාන වේ. මෙම අක්ෂරවල නියතාර්ථය මෙන් ධ්වනිතාර්ථයද සියල්ලන්ටම පැහැදිලි වූ හෙයින්, ඒවා භාවිතා කිරීම සම්බන්ධයෙන් කවරකුවත් විරුද්ධ වූයේවත් ප්‍රශ්න කළේවත් නැත. ඒසේ වූයේ ඒවා ඔවුන්ට ප්‍රහේළිකාවක් නොවුණු හෙයිනි. අල්-කුර්ආනයට පහර එල්ල කිරීමට කවර හෝ අවස්ථාවක් ලද හොත්, එය අත් නොහළ එහි නිර්දය විරුද්ධවාදීහූ පවා, මෙම අක්ෂර භාවිතය පිළිබඳ ව විරුද්ධ නොවූහ. එහෙත්, කාලයාගේ ඇවෑමෙන් මෙම සිරිත අභාවයට ගියෙන් ඒවායේ නියතාර්ථය හා ආභාසය කවරේදැයි නිශ්චය කිරීමට අල්-කුර්ආන් මුෆස්සිර්වරුන්(අටුවාචාරීන්)ට දුෂ්කර කාර්යයක් විය. අල්-කුර්ආනයෙන් දැක්වෙන මඟපෙන්වීම විෂයෙහි, මෙම අක්ෂරවලින් කිසිදු වෙනසක් සිදු නොකෙරෙන හෙයින් ඒවායේ අර්ථය අරබයා සාමාන්‍ය පාඨකයකු වෙහෙසිය යුතු නැත.

2. මෙය (අල්ලාහ්ගේ) ධර්ම ග්‍රන්ථය වේ.(2අ) එහි කිසිදු සැකයක් නැත.2 (අල්ලාහ් කෙරෙහි) බිය බැතිකම ඇත්තාවු අයට යහමඟ3 පෙන්වන්නකි.(3අ)

(2අ) අල්-කිතාබ් යන පදය මෙහි ධර්ම ග්‍රන්ථය යන්නෙන් පරිවර්තනය කර ඇත. අල්ලාහ්ගේ වදන් වූ මෙම ධර්ම ග්‍රන්ථය අල්-කුර්ආන් නමින්ද හැඳින්වේ. එය විශ්ව පරමාධිපති අල්ලාහ් විසින් ජිබ්රිල් අලෙයිහිස් සලාම් (ගාබ්‍රියල් සුරදූතයා) මගින් අවස්ථානුකූලව පියවරින් පියවර හෙළිදරව් කරන ලදී. තවද අල්-කුර්ආනය, ග්‍රන්ථය යන අර්ථය දෙන අල්-කිතාබ් යන්නෙන් හඳුන්වනු ලැබීමෙන් එය සංගෘහිත කරන ලද ධර්ම ග්‍රන්ථයක් බවද තහවුරු වේ. එනම්, විශ්ව පරමාධිපති අල්ලාහ්ගේ නියමය අනුව පළමුව “ලව්හ්-අල් මහ්ෆුල්” යන පුවරුවෙහි අල්-කුර්ආනය ලේඛනගතව අවශ්‍යතාවන්ට අනුකූලව ක්‍රම ක්‍රමයෙන් එය මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාට හෙළිදරව් වියග එතුමාණන්ට ප්‍රථමයෙන්ම හෙළිදරව් කරන ලද්දේ “ඉක්රඋ” (කියවනු) යන පාඨය වේ. මෙලෙස අල්ලාහ් විසින් අණ කිරීම අල්-කුර්ආනය අල්ලාහ්ගේ නියමය පරිදි මීට පෙරාතුව ලේඛනගතව තිබුණු ධර්මය බව තහවුරු කරයි.

ධර්ම ග්‍රන්ථයන් අතුරින් අල්-කුර්ආනය එය පහළ කළ අවධියේදීම ග්‍රන්ථකරණය කර, ආරක්ෂා කරන ලදුව අද දක්වාම එය මුල් ග්‍රන්ථය අයුරින්ම පවති. එසේම විවිධ දේශයන්හි විසිර සිිටින ලක්ෂ සංඛ්‍යාත මුස්ලිම්වරුන් විසින්, අල්-කුර්ආනය සම්පූර්ණයෙන්ම කටපාඩම් කර මතකයෙහි තබා ගනිමින් තවදුරටත්, මිනිස් පැවත්මේ අවසානය දක්වාම අල්-කුර්ආනයේ ආරක්ෂාව තහවුරු කර ඇත.

(2)මෙහි සරල අර්ථය මෙසේයි. නිසැකවම මෙය අල්ලාහ්ගේ ග්‍රන්ථයයි. ඒ හැර, මෙය සැකයකට තුඩු දෙන කිසිදු කරුණක් ඇතුළත් නොවන ග්‍රන්ථයයි යන අරුතද ඉන් ධ්වනීත විය හැකිය. එහෙත්, හුදෙක් පරිකල්පනය හා අනුමානය මත පදනම් වූ  ආධ්‍යාත්ම විද්‍යාව හා ආගම පිළිබඳව ලියැවී ඇති සුලභ ඝණයේ ග්‍රන්ථයක් නොවේ මෙය. ඒ හේතුවෙන් එවැනි ග්‍රන්ථවල කතුවරුන් තමන්ගේ න්‍යායාදිය ගැන තමන් තුළ කිසිදු සැකයක් හෝ විමතියක් නැතැයි අවධාරණයෙන් කියා සිටියද එබැවින්ම ඔවුහු පවා නොයෙක් ආකාරයේ කුකුසවලින් පෙළෙන්නෝ වෙති. ඊට හාත්පසින්ම වෙනස් තත්ත්වයක් භාජනය කරන මෙම ග්‍රන්ථය සත්‍යය මත පදනම් වූවකි. මක්නිසාද යත්, එහි කර්තෘ වූ අල්ලාහ් යථා තත්ත්වය පරිපූර්ණ වශයෙන් දන්නකු හෙයිනි. එබැවින් මෙහි අන්තර්ගතය සම්බන්ධයෙන් සැකයකට කිසිදු ඉඩක් නැත.

(3අ) අල්-කුර්ආනයේ අන්තර්ගත සැකයෙන් තොරවූ යථාර්ථය පිළිබඳව ඉහත සඳහන් පරිදි එමගින් පූර්ණ ඵල ප්‍රයොජන ලබාගත හැකි වූවන් වන මුත්තකීන්වරුන්ගේ තත්ත්වයට අවතීර්ණ වීමේ ගුණාංගයන් පිළිබඳව පහත විස්තර දක්වා ඇත.

මුත්තකීන් යන්න මුත්තකී යන පදයෙහි බහු වචනයයි. කිසියම් අයහපත් දෙයක් කිරීමෙන් හෝ යහපත් ක්‍රියාවක් කිරීමෙන් වැළකී සිටිමෙන් හෝ වීදීමට සිදුවන අල්ලාහ්ගේ දඬුවමට බියවී එයින් තමා මුදවා ගන්නට වෑයම් කිරීම “තක්වා” වේ. මෙලෙස වෑයම් කරන්නා මුත්තකී වේ.

අල්-කුර්ආනය මුත්තකීන්ට මෙන්ම අන් අයටද පොදු වූ ග්‍රන්ථයකි. නමුත් මෙහිදී සත්‍ය ලෙසම ඵල ප්‍රයෝජන ලබන්නේ මුත්තකීන් යන පහත සඳහන් ගුණාංගයන්ගෙන් හෙබි පිරිස පමණකි. අල්-කුර්ආනය බිය සහ බැතිබවින් යුක්ත වූවන්ට යහමඟ පෙන්වන්නේය, යන්නෙන් සඳහන් කරනු ලබන්නේ එබැවිනි.

(3)අල්-කුර්ආනයෙන් පළ නෙළා ගැනීමට නම්, කෙනකු පළමු කොටම මුත්තකීවරයකු විය යුතුය. එනම් අල්ලාහ්ට බිය වෙමින්, හොඳ හා නරක වෙන් කොට හැඳින ධර්මිෂ්ට අයකු විය යුතුය. මෙම ග්‍රන්ථයෙහි ඇත්තේ හුදෙක් මඟපෙන්වීම පමණක්ම බව සැබෑය. එහෙත් කෙනකු අල්-කුර්ආනයෙන් පළ ලැබීමට නම් නිවැරදි මානසික ආකල්පයෙන් යුතුව එය වෙත යොමු විය යුතුය. පළමු කොටම කෙනකු අල්ලාහ් කෙරෙහි බිය ඇති, සත්‍ය ගරුක, හොඳ නොහොඳ තෝරා ගැනීමට හැකි, ගුණදහම් පුරන්නකු විය යුතුය. කෙටියෙන් පවසතොත්, ජීවන ගමනේදී යුක්තිය අයුක්තිය ගැන නොතකමින් ලෞකික ව්‍යවහාර අනුගමනය කරමින් හෝ තමාගේම තෘෂ්ණාවන් සංසිඳුවමින් අරමුණක් නැතිව දිවි ගෙවන්නකුට අල්-කුර්ආනයෙන් ලැඛෙන මඟ පෙන්වීමක් නැත.

3. (ඔවුහු) අදෘශ්‍යමාන දේ4 පිළිබඳව විශ්වාස කරන්නාවු ද(4අ) සලාත්හී(5අ) නිරතව සිටින්නාවු ද5 ඔවුනට අප දුන් (මුදල් හා වස්තු ආදී) දේවලින් (යහපත් ක්‍රියා සඳහා) විය පැහැදම්6 කරන්නවු ද(6අ) අය වෙති.

(4)අල්-කුර්ආනයෙන් මඟපෙන්වීමක් ලැබිම සඳහා තිබිය යුතු දෙවන ගුණාංගය නම්, කෙනකු ෙගෙබ් (අදෘශ්‍යමානය) විශ්වාස කළ යුතු වීමයි. එනම්, පංෙචින්ද්‍රියන්ට ගෝචර නොවන්නා වූද, මානුෂික අත්දැකීම් හා නිරීක්ෂණ කෙෂත්‍රයට හසු නොවන්නා වූද දේ ගැන විශ්වාසයක් තිබීමයි. අල්ලාහ්, මලක්වරුන්, වහී, මරණින් මතු ජීවිතය, ස්වර්ගය, නිරය ආදිය දැකීමට හෝ රස බැලීමට හෝ ආඝ්‍රාණය කිරීමට හෝ මැනීමට හෝ කිරා බැලීමට හෝ නොහැකි බව පැහැදිලි කරුණකි. එවැනි දේ එහිලා විශේෂඥයන් වන නබිවරුන්ගේ විශ්වාසය පිට පිළිගත යුතුය. ඒ කෙසේද යත්, භෞතික ලෝකයෙහි ඒ ඒ අංශයන්හි විශේෂඥයන්ගේ දැනුම අප පිළිගන්නාක් මෙනි. එහෙයින්, “අදෘශ්‍යමානය” විශ්වාස කරන්නාට පමණකි මෙම මඟපෙන්වීමෙන් පළ නෙළා ගත හැක්කේ. හුදෙක් පංචේන්ද්‍රියන්ට ගෝචර වන දේ පමණක් විශ්වාස කරන්නාට මෙම ග්‍රන්ථයෙන් මඟපෙන්වීමක් ලද නොහැකිය.

(4අ) ඊමාන් (විශ්වාසය) යන්න මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වස්ල්ලම්) තුමන් විසින් ඉතාමත් පැහැšලිව දක්වා ඇති දේ සත්‍යය බව පිළිගැනීමයි. එම විශ්වාසය සම්පූර්ණ වනුයේ තමා සත්‍ය බව පිළිගත් දේ මුවින් ප්‍රකාශකර සාක්ෂි දැරීමෙන් හා එය අචලව විශ්වාසකර ඒ අනුව නියමිත ක්‍රියාවන්හී යෙදීමෙන්ද වේ.

අදෘශ්‍යමාන දේ පිළිබඳව විශ්වාස කිරීම යන්න, මිනිසා තම ඉන්ද්‍රියන්ට ගෝචර වන දේ කෙරෙහි පමණක් විශ්වාසය නොතබා, විශ්වය හා එහි ඇති සියලූම දේ මවා වදාළ අල්ලාහ්ගේ පරමඥානය හා පරම බලය කෙරෙහි විශ්වාස තැබීමයි. එබැවින් මෙවැන්නන්ගේ පංචේන්ද්‍රියන් ඔවුන්ගේ ආත්මයන් සමගද විශ්වය හා එහි ඇති සියල්ල මවා වදාළ පරමබලය සමගද සම්බන්ධතා ඇති කරගැනීමට බාධාවක් කර නොගනී. මෙලෙස අල්ලාහ් හා අල්ලාහ් විසින් හෙළිදරව් කරන ලදුව ධර්මදූතයින් ප්‍රකාශ කළ අදෘශ්‍යමාන දේ පිළිබඳව විශ්වාස කරන්නන් පංචේන්ද්‍රියන් මගින් ග්‍රහණය කරගන්නා දේ පමණක් අවබෝධ කරගන්නා මිනිසුන්ට හා තිරිසනුන්ටත් වඩා ඉතාමත් උසස් මානසික තත්ත්වයකට පත්වී සිටිති. එබැවින්, අදෘශ්‍යමාන දේ පිළිබඳව විශ්වාස කිරීම මනුෂ්‍ය ජීවිතයට මහත් බලපෑමක් ඇතිකරයි. පංචේන්ද්‍රියන්ට ග්‍රහණය වනදේ පමණක් විශ්වාස කරන්නකුගේ අවබෝධ කරගැනීමේ සීමාව ඉතාමත්ම පටු වේ. එහෙත් අදෘශ්‍යමාන දේ විශ්වාස කිරීමෙන් අවබෝධ කරගන්නාගේ සීමාව ඉතාමත් පුළුල්ය.

(5අ)සලාත් යන අරාබි වචනයේ අර්ථය ප්‍රාර්ථනාව වේ. එය ඉස්ලාමීය වත්පිළිවෙත් අනුව සියලූම මුස්ලිම්වරුන් විසින් අල්ලාහ් වෙනුවෙන් දිනකට පස්වරක් අනිවාර්යයෙන් ඉටුකළයුතු නැමදුමක් වේ.

(5)අල්-කුර්ආනයෙන් ඵල ලැබීමට අවශ්‍ය තුන්වන සාධකය එහි එන ඉගැන්වීම් පිළිපැදීමට කෙනකු අභිලාෂයෙන් යුතුව සුදානම්ව සිටිමය. අල්-කුර්ආනයෙන් නියමිත පුමුඛ හා අග්‍රගණ්‍ය අනිවාර්ය පිළිවෙත සලාත් (නැමදුම) හෙයින්, කෙනකුගේ භක්තියේ අවංකභාවය පිළිබඳ ප්‍රායෝගික සාක්ෂියත් ස්ථීර පරීක්ෂණයත් එයයි. එබැවින්, කෙනකු ඉස්ලාමය වැළඳ ගත් පසු සලාතයට කෙරෙන ආරාධනාව (ලෝකයේ සෑම මස්ජිදයකින්ම මෙය දිනපතා පස් වරක් නියමිත වේලාවලට සිදු කෙරේ.) ඇසුණු වහාම ඔහු සලාත් සඳහා පැමිණි බැතිමතුන් පිරිසට එක් විය යුතුය. මෙයින් ඔහු අවංකද නැද්ද යනු තීරණය වේ. ඔහු එම කැඳවීමට අවනත වී එම පිරිසට එකතු නොවීම, ඔහු සිය භක්තිය සම්බන්ධයෙන් අවංක නොවන බවට සාධකයකි.

“ඉකාමතුස් සලාත්” (නැමදුම් පැවැත්වීම) යනු පුළුල් අරුත් ඇති පාඨයක් බව සිහිකට යුතුයි. එයින් අදහස් කෙරෙන්නේ පිරිසක් වශයෙන් සලාත් පැවැත්විය යුතු බවත් සෑම ජනාශ්‍රීත ප්‍රදේශයකම ඒ සඳහා විධිවිධාන සලසා තිබිය යුතු බවත්ය. එසේ නැතිව, කිසියම් ස්ථානයක කිසියම් පිරිසක් පෞද්ගලිකව වෙන වෙනම සලාත් පැවැත් වුවද, එය ඉකාමතුස් සලාතය ලෙස නොසැලකේ.

(6)අල්-කුර්ආනයෙන් ඵල ලබාගැනීම සඳහා සපුරාලිය යුතු සිව්වන අවශ්‍යතාව අල්-කුර්ආනයේ දක්වා ඇති පරිදි කෙනකුගේ ධනය වැය කිරීමයි. මෙය කළ යුත්තේ අල්ලාහ්ගේත් මිනිසාගේත් අයිතිවාසිකම් නිසිපරිදි සපුරාලනු පිණිසය. මෙය අත්‍යවශ්‍ය අංගයකි. මක්නිසාද යත්, අල්-කුර්ආනය පිළිපදින්නකු අන් සෑම දෙයකට වඩා මුදල්වලට ඇලූම් කරන පටු කල්පනාකාරී මසුරකු හෝ ධනය අදහන්නකු හෝ නොවෙන නිසාය. සැබැවින්ම ඔහු තමා විශ්වාස කළ දෙය සඳහා අවශ්‍ය අවස්ථාවලදී ධනය පරිත්‍යාග කිරීමට පසුබට නොවේ.

(6අ)මන්ද යත් තමා සතු ධනය තමාට අල්ලාහ්ගෙන් ලැබුණු ආශීර්වාදයක් බව ඔවුහු දනිති. එබැවින් දුබලයන්ට මෙන්ම අල්ලාහ්ගේ මැවුම් වන අනෙකුත් මිනිසුන්හටද එමගින් උදව් උපකාර කළයුතු බවට ඔවුන් තුළ හැගීමක් ඇති වේ. එමෙන්ම මිනිස් සමාජයේ තම සහෝදරයින්ගේ අවශ්‍යතාවයන් කෙරෙහි සානුකම්පිත බවකින් යුතුව සලකන්නටත් ඔවුනට හැඟීමක් ඇතිවනවාට සැක නැත. එබැවින් මසුරුකමින් ඈත්ව ඔවුන් හට තම සිත් පවිත්‍ර කර ගැනීමටත් ඉඩ සැලසේ. තවද ජීවිතය යන්න හුදු එකිනෙකා අභිබවා යන සටනක් නොවන බවත් එය අන්‍යොන්‍ය සහෝදරත්වයක් හා සහජීවනයක් බවත් ඔවුන්ගේ සිත්වල ධාරණය වනු ඇත.

4. තවද, නුඹ වෙත පහළ කළ දෑ(අල්-කුර්ආනය) ගැන ද, නුඹට පෙර(7අ) (පැමිණියාවු වක්තෘවරුන්ට) පහළ කළ දෑ ගැන විශ්වාස කරන්නා වු ද,7 තවද, පරමාන්ත දිනය ගැන තරයේම විශ්වාස කරන්නා වූ ද(8අ) (බිය හා බැතිමත් අය ද වෙති.)8

(7)අල්-කුර්ආනයෙන් මඟපෙන්වීම ලැබීම සඳහා අවශ්‍ය පස්වන සාධකය වන්නේ හෙළිදරව් පිළිබඳ ග්‍රන්ථ විශ්වාස කිරීමයි. එනම්, මිනිසුන් මවා ආරක්ෂා කරන අල්ලාහ්, මිනිස් සමාජයට යහමඟ පෙන්වීම සඳහා ඔවුනතුරින් ශ්‍රේෂ්ඨ පුද්ගලයින් වන වක්තෘවරුන් තෝරා ඔවුන් මගින් මනුෂ්‍ය සංහතියට අවශ්‍ය අනුශාසනා අවස්ථානුකූලව හෙළිදරව් කළ බව විශ්වාස කිරීමයි. මෙවැනි හෙළිදරව් කිරීම් පළමු මිනිසා පෘථීවියේ පැවැත්ම ආරම්භ කිරීමෙන් අනතුරුව ඇරඹුණි.

අල්ලාහ්ගෙන් කිසිදු අන්දමක මඟපෙන්වීමක් ගැන විශ්වාස නොකරන අයට මෙම ග්‍රන්ථයෙන් ප්‍රයෝජනයක් ලද නොහැක. කෙනකු විශ්වාස කළ යුත්තේ අල්-කුර්ආනය පමණක් නොවේ. ලෝකයේ විවිධ රටවල විවිධ යුගවලදී අල්ලාහ්ගේ නබිවරුන්ට පහළ වු සියලූම ග්‍රන්ථ හෙවත් මාර්ගෝපදේශ සත්‍ය බව විශ්වාස කළ යුතුය. එසේම, අල්ලාහ්ගේ මඟපෙන්වීම අවශ්‍ය බව පිළිගන්නා මුත් ඒ සඳහා නබිවරුන්ගේ හෝ වහීවල හෝ පිහිට නොපතන්නා වුද, තමන්ගේම න්‍යායයන්  “දිව්‍යමය” ලෙස කියාපාන්නා වුද පුද්ගලයකුට මෙම ග්‍රන්ථයෙන් මාර්ගෝපදේශය ලබා ගත නොහැක. තවද, තමන්ගේ මුතුන් මිත්තන් විශ්වාස කළ ආවිශ්කෘත ග්‍රන්ථ පමණක් විශ්වාස කරමින් අන් සියලූම ආවිෂ්කෘත ග්‍රන්ථයන් ප්‍රතික්ෂේප කරන්නන්ටද මඟපෙන්වීම නොලැබේ. එමෙන්ම අල්-කුර්ආනයෙන් මඟපෙන්වනු ලබන්නේ ධාර්මික ජිවිතයක් ගත කිරීම සඳහා දිව්‍ය මාර්ගෝපදේශ අත්‍යවශ්‍ය බවත්, එය හෙළිදරව් කරනු ලබන්නේ සෑම කෙනකුටම පෞද්ගලික වශයෙන් නොව, අල්ලාහ්ගේ නබිවරුන්ට පමණක් බවත්, එය ලබා ගත හැක්කේ ඔවුන්ට පහළ වු ග්‍රන්ථ මගින් පමණක් බවත් විශ්වාස කරන්නන්ට වේ.

එබැවින්, මඟපෙන්වීම අපේක්ෂා කරන අය ජාතික හෝ වාර්ගීක හැඟීම්වලට වහල් නොවිය යුතු අතර, කවර තැනෙකින් හෝ කවර ස්වරූපයකින් සත්‍යය ලැබුණේද එය පිළිගැනීමටත්, ඊට අවනත වීමටත් කැමති වී සුදානම්ව සිටිය යුතුය.

(7අ) අල්ලාහ් වක්තෘවරුන් වශයෙන් තෝරාගනු ලැබු දාවූද් (දාවිත්) තුමාණන්ට සබුර් (ගීතාවලිය) ග්‍රන්ථයද, මුසා (මෝසෙස්) තුමාණන්ට තව්රාත් (තෝරාහ්) ග්‍රන්ථයද, ඊසා (ජේසුස්) තුමාණන්ට ඉන්ජිල් (සුවිශේෂය) ග්‍රන්ථයද, අල්-කුර්ආනයට පෙර අල්ලාහ් විසින් ප්‍රදානය කරනු ලැබු බව අල්-කුර්ආනයෙහි දැක්වේ. එබැවින් ඉස්ලාම් භක්තිකයකු විශ්වාස කළ යුත්තේ අල්-කුර්ආනය පමණක්ම නොවේ, දේව ග්‍රන්ථ ලෝකයේ විවිධ රටවල විවිධ යුගවලදී අල්ලාහ්ගේ වක්තෘවරුන්ට දෙනු ලැබු බවද විශ්වාස කළ යුතුයි.

1)මනුෂ්‍යයා තමාගේ සියලූම කි්‍රයාවන් සම්බන්ධයෙන් අල්ලාහ්ට වගකිව යුතුද පිළිතුරු දිය යුතුද වේ.

2)මෙලොව සදාකාලික නොවේ, එය අවසන් වනු ඇත. අවසන් වන කාලය අල්ලාහ් පමණක් දනී. මෙලොව අවසන් වීමෙන් පසු පරලොව අල්ලාහ් විසින් නිර්මාණය කරනු ඇත.

3)මෙහිදි තමන්ගේ ක්‍රියාවන් සම්බන්ධයෙන් පිළිතුරු දීමට සියලූ මනුෂ්‍යයන් මළවුන් කෙරෙන් නැගිටුවා අල්ලාහ් ඉදිරියට පමුණුවනු ඇත. එක් එක් මනුෂ්‍යයාගේ ක්‍රියාවන් අනුව අල්ලාහ් ඔවුනට විනිශ්චය දෙනු ඇත.

4)අල්ලාහ් විසින් යහපත් යැයි විනිශ්චය කරනු ලබන අය ස්වර්ගයටත්, අයහපත් යැයි තීරණය කැරෙන අය නිරයටත් යැවෙනු ඇත.

(5)එබැවින්, ජය පරාජය විසඳිය යුත්තේ ලෞකික ජිවිතයේ සෞභාග්‍යය හෝ දිළිඳු බව අනුව නොවේ.

මේ අනුව මිනිස් සංහතියේ ආරම්භයේ පටන් නබිවරුන් විසින් අනුශාසනා කරනු ලැබු දෑද, මුලික විශ්වාසයන්ද ලොව ආරම්භයේ සිට මිනිස් වර්ගයාට ලැබුණු බව නිසැකය. එසේම අල්ලාහ් විසින් තෝරාගනු ලැබු සියලූම නබිවරුන් පිළිබඳවද ඔවුනට අල්ලාහ් ග්‍රන්ථයන් හෙළිදරව් කරනු ලැබු බවද විශ්වාස කිරීම අනිවාර්ය වේ. එමගින් මිනිස් සමාජයේ සහජිවනයද, සියලූ නබිවරුන් විසින් උගන්වන ලද එකම දේව ධර්මය ඉස්ලාම් බවද ලෝවැස්සන් සියල්ලන්ගේම එකම දෙවියන් වන්නේ අල්ලාහ් පමණකි යන ඒක දේව ප්‍රතිපත්තියද තව දුරටත් ස්ථීර වශයෙන් තහවුරු කිරීම මුස්ලිම්වරුන් විසින් ඉටුකළ යුතු වගකීම වේ. මෙවැනි ප්‍රතිපත්තියක් තුළින් එසේ කළ විට පටු ආකල්පයන් බිහිකරමින් මිනිස් සමාජය විවිධ කාණ්ඩ වශයෙන් භේද කිරීමේ ද්වේශ සහගත බව මිනිස් සිත්වලින් තුරන්වනු නිසැකය.

(8)සය වන නියමය නම්, ආහිරහ් (මරණින් මතු ජීවිතය) පිළිබඳ විශ්වාසයයි. අල්-කුර්ආනයට අනුව එහි සම්පුර්ණ අර්ථය මෙසෙයි.

මෙය අල්ලාහ් විසින් මළවුන් කෙරෙන් නැගිටුවන දිනයේදී තීරණය කෙරෙනු ඇත. ලෞකික ජිවිතයේදී කෙනකු පරාජිතයකු ලෙසත් තවකකු ජයග්‍රහකයකු ලෙසත් සලකනු ලැබුවත්, නියම විනිශ්චය දෙනු ලබන්නේ අල්ලාහ් විසිනි. එවිට ලෞකික ජිවිතයේදී පරාජිතයන් ලෙස සැලකුණවුන් සැබැවින්ම ජයග්‍රාහීන් ලෙසත්, මෙලොවදී ජයගත්තවුන් ලෙස වැජඹුණවුන් පරාජිතයන් ලෙසත් ඔවුන්ගේ කි්‍රයා කලාපය අනුව විනිශ්චය කරනු ලැබීමටද ඉඩ ඇත. මෙකී අර්ථයන්ට අනුකූලව මරණින් මතු ජිවිතය කෙරෙහි විශ්වාසයක් නොතබන්නන්ට අල්-කුර්ආනයෙන් නිසිඵල ලැබිය නොහැක. මක්නිසාද යත්, මෙම දහම ප්‍රතික්ෂේප කරනු තබා එහිලා අල්ප මාත්‍ර වුවද සැකයක් ඇත්තකුට පවා අල්-කුර්ආනයෙන් ඉදිරිපත් කෙරෙන දිවි පෙවෙත අනුගමනය කළ නොහැකි හෙයිනි.

(8අ)ඉස්ලාම් දෘෂ්ඨිය අනුව මරණින් මතු ජිවිතය විශ්වාස කරන පුද්ගලයෙක් සැප සම්පත් භුක්ති වීදීම පමණක් තම එකම අරමුණ බව පිළිනොගනී. මෙලොව ජීවිතය මරණින් මතු ජීවිතය සඳහා තමා සුදානම් කරවන පරීක්ෂණාත්මක කාලයක් බවට හේ පිළිගනී. එහි ප්‍රතිඵලයක් වශයෙන් තමාගේ දෛනික ජිවිතය අල්ලාහ්ගේ පිළිගැනීම සහ ආශීර්වාදය අරබයා මුළුමනින්ම කැපකරයි. තම විශ්වාසයට සහ ක්‍රිරයාවන්ට අදාල ආනිශංස මෙලොවහිම පමණක් ලබාගැනීමේ පටු අදිටනින් ඔහු ජිවත්වන්නේ නැත.

මෙය තරයේම විශ්වාස කරන පුද්ගලයා තමා කිසිම අරමුණක් හෝ ප්‍රතිපත්තියකින් තොරව මෙලොව ජිවත්වීමට මවනු නොලැබූ බවත් තමාගේ ජීවිතය නැමති දිගු ගමනේදී මෙලොව එක්තරා නැවතුම් පළක් පමණක් බවත් ඉතාමත් පැහැදිලිව අවබෝධ කරගනී. අල්ලාහ්ගේ උත්කෘෂ්ඨ අධිකරණය ඉදිරියට මරණින් මතු පමුණුවනු ලැබ තමාගේ කි්‍රයාවන් සඳහා තිළිණයන් හෝ දඬුවම් ලැබීම නොවැළැක්විය හැකි අංගයක් බවද හේ පැහැදිලිවම අවබෝධ කරගනී.

ඉහත සඳහන් ගුණාංගයන් පහම මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමන් විසින් ගොඩනගන ලද උතුම් සමාජයේ දක්නට ලැබුණි. මෙවැනි විශිෂ්ඨ අන්දමේ පෙරළියක් කිරීමෙන් උතුම් ගතිගුණවලින් හෙබි සමාජයක් ගොඩනගන්නට ඔහුට හැකිවුයේ සත්‍ය ඊමාන් (විශ්වාසය), ඉබාදත් (අල්ලාහ්ට අවනතවීම) හා ආත්මාර්ථකාමිත්වයෙන් තොරව මිනිස් සමාජය ඇතුළුව අල්ලාහ්ගේ සියලූම මැවුම්වලට සේවය කිරීම යනාදි ධර්මිෂ්ඨභාවය නිසයි. අල්-කුර්ආනය එය පිළිපදින අයගෙන් මෙවැනි උත්කෘෂ්ඨ ගුණාංගයන් බලාපොරොත්තු වෙයි.

5. ඔවුහු ඔවුන්ගේ රබ්(පරමාධිපති)ගේ යහ මාර්ගයේ සිටිති. තවද, සැබවින්ම ඔවුහුමය ජය ලද්දෝ(8ආ)

(8ආ)ඉහත සඳහන් ගුණාංගයන්ගෙන් සපිරුනු අය අල්ලාහ්ගේ යහමඟ නිසියාකාරව පිළිපදින බැවින්, ඔවුන් අල්ලාහ්ගේ අනුග්‍රහය ලබන්නන් බවට පත්වනු නිසැකය. එබැවින්, ඔවුහු තමන්ගේ බිය හා භක්තියෙන් හෙබි තත්ත්වය හේතුකොට ගෙන තමන් බලාපොරොත්තු වූ ප්‍රතිඵල නොඅඩුව ලබමින්ද තම අරමුණ ඉෂ්ඨ කර ගනිමින්ද අවසානයේ ජය ලද්දෝ වෙති.

6. (නබි මුහම්මද්!) නියත වශයෙන්ම (මෙම නියමයන්) ප්‍රතික්ෂේප කරන්නෝ9 කවරහුද? ඔවුනට නුඹ අවවාද(9අ) කළෙහිද, ඔවුනට නුඹ අවවාද නොකෙළෙහිද එය ඔවුන්ට එක සමානය, ඔවුහු (කෙසේ වුවද) විශ්වාස නොකරති.

(9)එනම්, “ඉහත දැක්වූ නියමයන් සියල්ලම හෝ එකක් හෝ ප්‍රතික්ෂේප කරන අය”යි.

(9අ)ජයග්‍රාහකයින්ගේ ප්‍රධාන ගුණාංගයන් පිළිබඳව මෙතෙක් සඳහන් කළ අල්ලාහ් පරාජිතයන් පිළිබඳව ප්‍රකාශ කරන්නට මෙතැන් සිට පටන් ගනී. ඉස්ලාමය ප්‍රතික්ෂේප කරන තැනැත්තා “කාෆිර්” නමින්ද එලෙස කි්‍රයා කිරීම “කුෆ්ර්” නමින්ද හැඳින්වේ.

කුෆ්ර් යන වචනය ඉස්ලාමිය වාග්මාලාව (technical idiom) අනුව අල්ලාහ්ගේ ඒකීය භාවය ඇතුළුව යමකු විශ්වාස කළ යුතු බවට ඉස්ලාමයෙන් පනවා ඇති දේ ප්‍රතික්ෂේප කිරීමයි. අවවාද කිරීම යන්න ඉස්ලාමය ප්‍රතික්ෂේප කිරීම මගින් මෙලොවෙහි හා පරලොවෙහි දුක් විඳින්නට සිදුවන අල්ලාහ්ගේ දැඞ් ද~ුවම්වලින් වැළකි සිටින ලෙස අවවාද කිරීමයි.

7. අල්ලාහ් ඔවුන්ගේ සිත්හි ද, ශ්‍රවණයෙහි ද මුද්‍රා තබා ඇත. තවද, ඔවුන්ගේ නෙත්හි ද, ආවරණයක් (පටලයක්) ඇත.10 තවද, ඔවුන් දැඞ්ම දඬුවම ලැබීමට නියමිතය.

(10)ඔවුන් සත්‍යය ප්‍රතික්ෂේප කළේ අල්ලාහ්ගේ යම් අත්තනෝමතික ආඥාවක් නිසා බවත්, ඔවුන්ගේම වරද නිසා නොවන බවත් මෙයින් අදහස් නොකෙරේ. ඔවුන් සත්‍යය ප්‍රතික්ෂේප කළේ අල්ලාහ් ඔවුන්ගේ හදවත් සංවෘත කළ හෙයින් නොවේ. ඔවුන් සවන් නොදුන්නේ අල්ලාහ් ඔවුන්ගේ සවන් සංවෘත කළ හෙයින් නොවේ. ඔවුන් සත්‍ය නොදැක්කේ අල්ලාහ් ඔවුන්ගේ ඇස් වසා කඩතුරාවක් ලු හෙයින් නොවේ. සැබෑ තත්ත්වය නම් ඔවුන්ගේ හදවත් හා සවන් සංවෘත කිරීම සිදු වූයේ ඔවුන් නොකඩවාම සත්‍යය ප්‍රතික්ෂේප කිරීම නිසාය. ඔවුන්ගේ හදවත් හා සවන් සංවෘතව තිබීම නිසා සත්‍යය ප්‍රතික්ෂේප වූවා නොවේ. අල්-කුර්ආනය හුදෙක් ස්වභාව ධර්මයේ නියමයක් දැක් වූවා පමණි. කෙනකු යමක් අරබයා පැත්තකට බර මතයක් ගෙන තම මනසෙහි එය තහවුරු කරන අගතිගාමී සිතිවිලි නැවත නැවතත් බිහි කරන්නේ නම් ඔහුට උපේක්ෂා සහගතව එදෙස බැලීමටවත් ඊට ප්‍රතිවිරුද්ධ මතයට සිය මනසෙහි ඉඩ දීමටවත් නොහැකිය. මෙය ස්වභාව ධර්මයේ නියමයකි. එය අල්ලාහ්ගේ නීතිය බැවින් හදවත් හා කන් සංවෘත කිරීමේ කාර්යයත් ඇස් ඉදිරියේ කඩතුරාවක් ලෑමත් අල්ලාහ් විසින් සිදු කරන ලදැයි කියනු ලැබේ.

8. (නබි මුහම්මද්!) අපි අල්ලාහ් ගැනද පරමාත්ත දිනය ගැනද විශ්වාස කර ඇත්තෙමුයි කියන අය මිනිසුන් අතර සිටිති. නමුත් (නියත වශයෙන්ම) ඔවුහු විශ්වාස කරන්නෝ නොවෙති. (10අ)

(10අ)මෙතෙක් සඳහන් කළ “මුස්ලිම් හා කාෆිර්” යන දෙපිරිසටම අයත් නොවන නමුත් බාහිර පෙනුමෙන් මුස්ලිම්වරුන් ලෙස ක්‍රියාවෙහි යෙදෙන තුන්වන පිරිස වන මුනාෆික්වරුන් (මුස්ලිම් වරුන් ලෙස පෙනී සිටින කුහකයින්) පිළිබඳව මෙතැන් පටන් අල්ලාහ් ගෙනහැර දක්වයි.

9. ඔවුහු (මෙලෙස පවසමින්) අල්ලාහ්ද, විශ්වාස  කරන්නවුන්ද මුළා කර(න්නට තැත්කර)ති නමුත් (මෙමගින්) ඔවුහු තමන්ම විනා (අන් කිසිවකු) මුළාකර නොගනිති. නමුත් (ඔවුහු ඒ බව) අවබෝධ කර නොගනිති.11

(11)තමන්ගේ දෙබිඩි ගතියෙන් තමන්ට වාසි සැලසෙතැයි යන මුළාවේ මොවුහු වැටී සිටිති. එහෙත්, මෙලොවෙදීත් ඔවුන්ගේ ප්‍රතිපත්තිය හානිකර වේ. වංචනිකයකුට මිනිසුන් ටික දෙනකු ටික කාලයකට රැවටිය හැකිය. එහෙත් ඔහුට සියලූම මිනිසුන් සියලූ කල්හි රැවටිය නොහැකිය. එවැනි පුද්ගලයකුගේ වංචාව හෙළි වූ විට, යළි හිස එසවිය නොහැකි පරිදි ඔහු අවඥාවට හා පරිභවයට ලක්වේ. මරණින් පසු ලෝකයේදී නම්, “විශ්වාස කළෙමු” යන හුදු වචන මාත්‍රය පමණක් කෙනකුට පිහිට නොවේ. මක්නිසාද යත්, ඔවුන්ගේ කි්‍රයාකලාපය ඊට විරුද්ධව තිබුණ නිසාය.

10. (මක්නිසාද යත්) ඔවුන්ගේ හදවත් තුළ (සැක හා වංචා යන) රෝගය ඇත.(12අ) අල්ලාහ් ඔවුන්ගේ (එම) රෝගය වැඞ් කර ඇත.12 (සත්‍යය කණපිට පෙරළා) ඔවුන් පවසන මුසා බස් හේතුකොට ගෙන ඔවුන්ට මහත් පීඩාකාරී වේදනා ඇත.

(12අ) ඉස්ලාම් පිළිබඳ දැනුම ඉතාමත් පැහැදිලිව ඔවුන්ට ලැබී තිබුණද, ඔවුන්ගේ ආත්මාර්ථකාමීත්වය හේතුකොට ගෙන ඒවා සිතට එකඟව පිළිගැනිමට ඔවුහු අකමැති වූහ.

(12)ඔවුන්ගේ නොමනා හැසිරීම නිසා අල්ලාහ් ඔවුන්ගේ දෙබිඩි ගතිය නමැති ව්‍යාධිය තව තවත් වැඩි කරයි. සුළු කලකට සිය වංචාව සාර්ථක වන බව ඔවුනට පෙනී යන විට, ඔවුහු එහි සාර්ථකත්වය තහවුරු වී යැයි මුළාවට පත්ව පෙරටත් වඩා උනන්දුවෙන් නිතර නිතර එහි යෙදෙති.

(මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාට ජනතාවගේ ප්‍රසාදය වැඞ් වී එතුමාටත් මුස්ලිම්වරුන්ටත් ලෞකිකවද, ආධ්‍යාත්මිකවද, අල්ලාහ්ගේ උදව් උපකාර වැඞ් වැඞ්යෙන් ලැබීමේදී කුහකයින් තුළ ඇති වූ ඊර්ෂ්‍යාව හේතුකොට ගෙන කුහකයින්ගේ කුහකත්වය තවදුරටත් වැඞ්විය.)

11. පෘථිවිය මත අනර්ථකාරී කි්‍රයාවන්හි නොයෙදෙන්නැයි ඔවුන්ට කී කල්හී(12ආ) (එයට) නියත වශයෙන්ම අපි යහවැඩ කරන්නන් පමණෙකැයි (අනර්ථකාමීහූ නොවන්නෙමුයි) ඔවුහු පවසති.

(12ආ) කුහකයින් ලෙස හැසිරෙමින්ද අවිශ්වාසකයින්ට සහයෝගය දක්වමින්ද මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා සහ අල්-කුර්ආනය විශ්වාස කිරීමට පෙළෙඹෙන මිනිසුන් වළක්වමින්ද අනර්ථකාරී කි්‍රයාවන්හී නොයෙදෙනු.

12. නියත වශයෙන්ම අනර්ථකාරී කි්‍රයා කරන්නෝ ඔවුහුමය. එහෙත් ඔවුහු (තමන් අනර්ථකාමීන් බව) අවබෝධ කර(12ඇ) නොගනිති.

(12ඇ) අනර්ථකාරී කි්‍රයා නොකරන ලෙස අල්ලාහ් ඔවුන් වැළැක්වුවද ඔවුන් අනර්ථකම්වල ගැලී සිටින නිසා ඔවුනට ඔවුන්ගේ නොහොබිනා හැසිරීම් පිළිබඳව සිතා බැලීමටවත් නොහැකි විය. එබැවින් තමන්ගේ වැරš කි්‍රයා පිළිබඳව හැඟීමක් නොලබාම සාමය ස්ථාපනය කරන්නෝ තමන්ම යැයි ඔවුහු කීහ. ඔවුන් මෙලෙස හැසිරීම හේතුකොට ගෙන අල්ලාහ් අවධාරණයෙන් යුතුව මෙසේ සඳහන් කරයි.

13. තවද (මුස්ලිම්වරුන් ලෙස පෙනි සිටින කුහකයින්ට) සෙසු ජනයා (අන්සාර් හා මුහාජිර්වරුන්) විශ්වාස කළාක් මෙන් නුඹලාද අවංකව විශ්වාස කරන්නැයි13 ඔවුනට කී කල්හි (එයට) මුග්ධයන් විශ්වාස කළාක් මෙන් අපත් විශ්වාස කළ යුතු දැයි14 ඔවුහු කියති. නියත වශයෙන්ම මුග්ධයෝ ඔවුහුමය. එහෙත් ඔවුහු (ඒ බව) නොදැන සිටිති.

(13) එනම්, ඔබ ඉස්ලාමය වැළඳ ගන්නේ නම්, එයින් අදහස් කෙරෙන සියලූම අර්ථයන් මුළුමනින් අවංකවම පිළිගෙන ඉස්ලාමයට ඇතුළත් වූ සෙස්සන් මෙන් එය සත්‍යය ලෙසින් ඉතසිතින් පිළිගත යුතු බවයි.

(14) අවංකවම ඉස්ලාමය පිළිගෙන දුක් කම්කටොලූ හා අතුරු ආන්තරායන්ට භාජනවූවන් අඥානයන් ලෙස මොවුහු සැලකූහ. ඔවුන්ගේ අගැයිම් අනුව නම්, හුදෙක් සත්‍යය හා ධරමිශ්ඨභාවය උදෙසා මුළු රටම සතුරු කර ගැනීම අනුවණ කමකි. ඔවුන් නුවණැති බව ලෙස සැලකුවේ යමකු යුක්තිය අයුක්තිය ගැන කරදරවීම නොව හුදෙක් ස්වකීය ආත්ම ලාභය පමණක් ආරක්ෂා කර ගැනීමය.

14. තවද ඔවුහු විශ්වාස කරන්නන් හමුවු විට අපිද (නුඹලා මෙන්) විශ්වාස කළෙමුයි(15අ) කියති. එහෙත් ඔවුහු ඔවුන්ගෙන් වෙන්වී ඔවුන්ගේ ෂෙයිතානුන් (පාපිෂ්ට සහායකයින්)15 සමග තනි වූ විට, නියත වශයෙන්ම අපි නුඹලා සමග යයිද නමුත් (අප මුස්ලිම්වරුන් ලෙස පෙනී සිටියද) හුදෙක් අපි ඔවුන් සමච්චලයට භාජනය කරන්නෝ පමණක් යැයි ඔවුහු කියති.(15ආ)

(15අ) මෙම වාක්‍ය මගින් අල්ලාහ්ට ආදේශ තබන්නන්, කුහකයින් හා යුදෙව්වරුන්ගේ ආගමික නායකයින් ආදී සත්‍යයෙන් දුරස්ථව සිටි නායකයින් පිළිබිඹුු කෙරේ.

(15) “ෂයාතීන්” යනු “ෂෙයිතාන්” යන්නෙහි බහු වචනයයි. අරාබි බසෙහි මෙහි අරුත කැරලිකාර, උඩඟු විනාශකාරී හා යක්ෂාවිෂ්ට පුද්ගලයෙක් යනුයි. තවද, අයහපත කිරීමේ දක්ෂයකු යනුයි. එය මනුෂ්‍යයන්ට මෙන්ම ජින් (යක්ෂ) වර්ගයාටද භාවිතා කෙරේ. මෙම පදය අල්-කුර්ආනයෙහි සාමාන්‍යයෙන් දුෂ්ට ගතිගුණ ඇති ජින් වර්ගයාට යෙදුණද, ඇතැම් තැනෙක එවැනි මිනිසුන්ටද එය යෙදී ඇත. එයින් අදහස් කෙරෙන්නේ ජින් යකුන්ද මිනිස් යකුන් දැයි ප්‍රකරණය අනුව පහසුවෙන් තේරුම් ගත හැකිය. මෙහිදී එය භාවිතා කොට ඇත්තේ ඉස්ලාමයට පළමු කොටම විරුද්ධව පෙරමුණ ගෙන කි්‍රයා කළ අරාබි නායකයන් විෂයෙහිය.

(15ආ) බාහිර පෙනුමෙන් අපි මුස්ලිම්වරුන් ලෙස පෙනී සිටියද ආගමික වීශ්වාසයන්හිදීද චර්යාවන්හිදීද අප නුඹලා මෙන්ම සිටිමු. නමුත් අප ඔවුන් මෙන් හැසිරෙන්නේ ඔවුනට සරදම් කිරීම සඳහා පමණකි.

15. (එසේ නොව) අල්ලාහ් ඔවුන් සමච්චලයට භාජනය(15ඇ) කර තවද ඔවුන්ගේ අසීමිත අන්ධභාවයෙන් (අනර්ථකම් කරමින්) අයාලේ යෑමට (අල්ලාහ්) ඔවුන්ට අවකාශය පුළුල් කර ඇත.

(15ඇ) මෙය ඔවුන්ගේ නොහොබිනා ක්‍රියාකාරකම් හේතුකොට ගෙන සහ සත්‍යය පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීම හේතුකොට ගෙන ඔවුන් අත්කරගත් ඵල විපාකයකි. සත්‍යය පිළිගැනීමට ඔවුන් උනන්දු නොවූ බැවින්, නොහොබිනා ක්‍රියාවලින් මිඳීමට ඔවුහු වෑයම් නොකරති.

එබැවින් ඔවුහු නොහොබිනා කි්‍රයාවල යෙදෙමින් අයාලේ හැසිරෙති. අල්ලාහ්ද අල්ලාහ්ගේ ධර්මයද සමච්චලයට ලක් කරන මෙම ජනයා තමන් විසින්ම අත් කරගත් මෙම ඵල විපාකය සම්බන්ධව අල්ලාහ් විසින් ඔවුන් සමච්චලයට ලක් කරන බව අවධාරණය කෙරේ. මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාගේ අවධියේදී මදිනාහි විසූ කුහකයින්ගේ තත්ත්වය ඉහත සදහන් වුවද ලෝක ඉතිහාසයේ සෑම යුගයකදීම මෙවැනි පිරිස් බිහි වූ බව පෙනී යයි. මෙම වැකිය නබිතුමාගේ කාලයේ කුහකයින්ගේ නායකයා ලෙස පෙනි සිටි අබ්දුල්ලා ඉබනු උබයි සහ ඔහුගේ සහචර කුහකයින් පිළිබඳවද පහළ කරන ලද්දකි.

16. යහමඟ (ඉස්ලාම් අනුව විශ්වාසය) වෙනුවට මුළාව (කුෆ්ර් භාවය) මිළට ගත්තෝ ඔවුහුම වෙති. එබැවින් ඔවුන්ගේ (මෙම) වෙළඳාම ලාභදායි නොවීය. තවද ඔවුහු යහමඟ ලද්දෝද නොවෙති.(16අ)

(16අ) (8-16) දක්වා ඇති වාක්‍යයන්හි කුහකයින් පිළිබඳව විස්තරාත්මකව සඳහන් කර ඇත. එමගින් මදිනාහි ඉස්ලාමය ප්‍රචාරය කිරීම පටන්ගත් ආරම්භක යුගයේ සිට ඔවුන් කොතරම් දුරට ඉස්ලාමයට විරුද්ධ වූයේද යන්න මෙම ආයාත්හී පැහැදිලිව දැකිය හැකිය. කුහකයින් ඉස්ලාමයට විරුද්ධ වූ බලවත් පිරිසක් ලෙස කි්‍රයා කරන බැවින් ඔවුන්ගේ නොමනා කි්‍රයාවන් පිළිබඳව, විස්තර කිරීමට අල්ලාහ් මෙහිදී උපමාවන් දෙකක් ගෙන හැර දක්වයි.

17. ඔවුනට උපමාව ගින්නක් දැල් වූ කෙනකු මෙනි. එවිට ඔහු අවට දස අතම ආලෝකමත් වූ විට අල්ලාහ් ඔවුන්ගේ ආලෝකය (සංඥානය) ඉවතට ගත්තේය. කිසිවක් නොදැකිය හැකි ලෙසින් 16 ඔවුන් ඝනාන්ධකාරයන්හිම අත්හැරියේය.

(16) මෙම උපමාවලින් අදහස් කෙරෙන්නේ මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමන් වැනි කෙනකු සත්‍යයේ ආලෝකය පතුරුවා හොඳ නරක, ගුණ හා දුර්ගුණ වෙන් වෙන්ව පෙන්වා දුන් විට, තමන්ගේ සිත් සතන් නිසිලෙස මෙහෙයවා ඒ ගැන සලකා බැලූවන් හොඳ නරක දෙකත් ගුණ හා අගුණත් අතර වෙනස දකින්නට පටන් ගත් බවයි. එහෙත් ආත්ම ලාභයෙන් අන්ධ වූ, වංචනිකයෝ මෙම ආලෝකයේ පිහිටෙන් පවා නිවැරදි මාර්ගය නුදුටූහ. “අල්ලාහ් ඔවුන්ගේ ආලෝකය ඉවතට ගත්තේය.” යන්නෙන් අදහස් කරන්නේ සත්‍යය නොදැනීම පිළිබඳව, වගකීම ඔවුන්ට පැවරී නොතිබුණේය යනු නොවේ. එයින් දැක්වෙන්නේ 10 වන සටහනෙහි සඳහන් කෙරුණු ස්වභාව ධර්ම නියමයයි. අන්ධ කාරයෙහි නිමග්න වීමට ඔවුන් තමන්ම තෝරා ගත්විට අල්ලාහ්ද ඔවුනට මංමුළාවීමට ඉඩ හැරියේය.

18. (ඔවුහු) බිහිරිය, ගොළුය, අන්ධය.17 එබැවින් ඔවුහු (නිසිමඟට) පෙරළා නොඑති.(17අ)

(17) ඔවුහු ඇසීමට බිහිරි වූ කන් ඇත්තෝය. සත්‍යය කතා කිරීමට ගොළු වූ දිව ඇත්තෝය. සත්‍යය අන්ධ වූ ඇස් ඇත්තෝය.

(17අ) අල්-කුර්ආනයේ ඉගැන්වීම් අසා නොඇසුනාක් මෙන් සිටිම, සත්‍ය කථා නොකිරීම, යහපත් දේ හා අයහපත් දේ පිළිබඳ දැනුමක් තිබුණද එවැනි දැනුමක් නොමැත්තන් සේ හැසිරීම මෙහිදී අන්ධල ගොළුල බිහිරි තත්ත්වයන්ට උපමා කොට ඇත.

19. එසේ නැතිනම් (ඔවුන්ගේ තත්ත්වයට තවත් උපමාවක් නම්) ඝනාන්ධකාරයන්, හෙණහ~ හා විදුලි කෙටීම සහිතව අහසින් වැටෙන වර්ෂාව වැනිය.

(18අ)

හෙණ හඬ ඇසෙන විට ඔවුහු මරණ භයින් ත්‍රස්තව තම ඇඟිලි තමන්ගේ කන්හි අගුලූලා ගනිති. අල්ලාහ් ප්‍රතිෙක‍ෂ්ප කරන්නන්ව දසතින්ම වටකර ගනි.18

(18අ) පළමු පිරිසට මෙන්ම, ඔවුනටද යහමෙඟන් සම්පූර්ණයෙන්ම වෙන් වී යන්නට අල්ලාහ්ට ඉඩ සලස්වන්නට තිබුණි. එනමුත් ඔවුන් සත්‍යයෙන් සම්පූර්ණයෙන් වෙන් නොවී, එය සුළු වශයෙන් හෝ පිළිගැනීමට කැමැත්තක් දැක්වූ බැවින් ඔවුන්ගේ කැමැත්ත පරිදි ඔවුන්ට සත්‍යය දකින්නටත් එයට සවන් දෙන්නටත් අල්ලාහ් ඔවුනට උදව් කරයි. මෙය අල්ලාහ්ගේ අනුග්‍රහය වේ.

(18) ඔවුහු තම කන්වලට ඇඟිලි ගසා ගෙන, තමන් විනාශයෙන් මිදුණහයි මද කලකට තමන්ම මුළාවට පත් වෙති. එහෙත් ඔවුන්ට ගැළවිය නොහැක. මක්නිසාද යත්, අල්ලාහ් විසින් ඔවුන් දසතින්ම වට කරනු ලබන හෙයිනි.

20. විදුලි කෙටීමෙන් ඔවුන්ගේ දෘෂ්ඨියාලෝකය පැහැර ගත්තාක් මෙන්ය.  (එමගින්) ඔවුනට ආලෝකය විහිදෙන විට ඔවුහු මදක් ඇවිදිති. අඳුර ඔවුන් වෙළාගන්නා විට ඔවුහු නිසලව සිටිති.19 අල්ලාහ්ට අභිමත වී නම් ඔවුන්ගේ ශ්‍රවණය හා ඔවුන්ගේ දෘෂ්ඨිය20 (මුළුමනින්ම) නැති කරන්නටද හැකිය. නිසැකවම අල්ලාහ් සියලූ දේ කෙරෙහි අතිබලසම්පන්නය.

(19) පළමුවන උපමාවෙන් නිරූපනය වන්නේ, තමන්ගේ හෘදය අභ්‍යන්තරය තුළින්ම ඉස්ලාමය නොඅදහා ආත්ම ලාභය හෝ අවස්ථාවාදිත්වය මුල්කොට ගෙන මුස්ලිම්වරුන් ලෙස ක්‍රියාකරන වංචනිකයන්ය. දෙවන උපමා කථාවෙන් විස්තර කෙරෙන්නේ සැකයෙන් විචිකිච්චාවෙන් හා භක්ති හීනතාවෙන් පෙළෙන්නන්ය. ඔවුන් සාකල්‍යයෙන්ම මිථ්‍යා දෘෂ්ඨිකයන් නොවූවත්, ඔවුන් ඉස්ලාමය ඇදහූවේ තමන් කරදරවලට පාත්‍ර නොවන සේ වගබලා ගනිමිනි. මෙම උපමාවේ, වර්ෂාව සමාන කොට ඇත්තේ මනුෂ්‍ය වර්ගයාට ආශිර්වාදයක් මෙන් පැමිණි ඉස්ලාමයයි. ඝනාන්ධකාරය, මේඝගර්ජනා හා විදුලිය කෙටීම්වලින් නිරූපනය වන්නේ, ඉස්ලාම් විරෝධීන් නිසා එල්ලවෙමින් තිබුණු සම්බාධක, තර්ජනාත්මක ආන්තරායන් හා අතිමහත් දුෂ්කරතාවයන්ය. තත්ත්වය මදක් ලිහිල් වූ විට, ඔවුහු ඉස්ලාම් මාර්ගය ඔස්සේ මදක් ඉදිරියට යෑම ඇරඹූහ. එහෙත්, දුෂ්කරතා නමැති අඳුරු වළාවන් දිස් වූ කල හෝ තමන්ගේ ආත්ම ලාභයට, අන්ධ විශ්වාසයක හා අගතිගාමී ප්‍රවණතාවන්ට පටහැනි වූ අණ පනත් ඔවුන්ට පනවනු ලැබූ විට ඔවුහු යළිත් විපිලිසර වී ලත් තැනම නැවතුණහ.

(20) ඉදින් අල්ලාහ්ට අභිමත වී නම්, පළමු වන උපමාවේ විස්තර කෙරුණු කුහකයන්ගේ බල සිඳ දැමුවාක් මෙන්, මෙම වංචනිකයන්ටද සත්‍යය දැකීමේ බලය අහිමි කරන්නට ඉඩ තිබිණ. එහෙත් ඔහු එසේ නොකරයි. මක්නිසාද යත්, තමන්ට අභිමත වූ ප්‍රමාණයෙන් සත්‍යය දැකීමටත්, ඇසීමටත් යම් විවේකයක් දීම අල්ලාහ්ගේ කැමැත්ත හෙයිනි. එහෙයිනි සත්‍යය දැකීමට හා ඇසීමට ඔවුන් උපයොගී කරගත් තරමින් වූ ශක්ති ප්‍රමාණයක්, ඔහු ඔවුන් වෙත තිඛෙන්නට හැරියේ.