«

»

Jan 10

002. සූරත් අල්-බකරහ් (එළදෙන) – හැඳින්වීම

පටුන

002. සූරත් අල්-බකරහ්  – හැඳින්වීම
002. සූරත් අල්-බකරහ් – සංක්ෂිප්ත අර්ථ විවරණය
002. සූරත් අල්-බකරහ්  – සරල අර්ථ විවරණය (තෆ්හීම්) – 1 කොටස – ආයත් 01 – 20
002. සූරත් අල්-බකරහ්  – සරල අර්ථ විවරණය (තෆ්හීම්) – 2 කොටස – ආයත් 21 – 39
002. සූරත් අල්-බකරහ් – සරල අර්ථ විවරණය (තෆ්හීම්) – 3 කොටස – ආයත් 40 – 120
002. සූරත් අල්-බකරහ් – සරල අර්ථ විවරණය (තෆ්හීම්) – 4 කොටස – ආයත් 121 – 141
002. සූරත් අල්-බකරහ් – සරල අර්ථ විවරණය (තෆ්හීම්) – 4 කොටස – ආයත් 142 – 152
002. සූරත් අල්-බකරහ් – සරල අර්ථ විවරණය (තෆ්හීම්) – 5 කොටස – ආයත් 153 – 251
002. සූරත් අල්-බකරහ් – සරල අර්ථ විවරණය (තෆ්හීම්) – 6 කොටස – ආයත් 252 – 260
002. සූරත් අල්-බකරහ් – සරල අර්ථ විවරණය (තෆ්හීම්) – 7 කොටස – ආයත් 261 – 263
002. සූරත් අල්-බකරහ් – සරල අර්ථ විවරණය (තෆ්හීම්) – 8 කොටස – ආයත් 264 – 286
002. සූරත් අල්-බකරහ්  –  සවිස්තරාත්මක අර්ථ විවරණය (තර්ජුමා)
002. සූරත් අල්-බකරහ් –  අරාබි සිංහල විවරණ හඬ පට 

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

හැඳින්වීම

නාමය

මෙම සූරතයෙහි නම අල්-බකරහ් වේ. අල් බකරහ් (එළදෙන) යන නාමය එසේ යෙදී ඇත්තේ මෙම සූරතයේ එන එළදෙන පිළිබඳ කථා වස්තුව හේතු කොට ගෙනය. එහෙත් සූරතයේ විෂයක් දක්වනු වස් මාතෘකාවක් ලෙසින් එය යොදා නැත. අල්-කුර්ආනයේ සූරතයන් බොහෝ ප්‍රමාණයක් එහි එන කථා වස්තුවක් හේතු කොට ගෙන මෙලෙසින් ඒවා නම් කොට ඇත.

පිළිවෙල හෝ අනුක්‍රමය

මෙය මදනිහ් සූරතයක් වුවද එය අපට සෘජු මාර්ගයක් දක්වනු මැනව! යන්නෙන් අවසන් වූ මක්කිහ් සූරතයක් වූ අල්-ෆාතිහා සූරතය(පරිච්ඡේදය)ට පසුව එන්නකි. මෙය ඇරඹෙන්නේ එකි දුආව(ප්‍රාර්ථනාව)ට පිළිතුරක් ලෙස, මේ වනාහි මඟ පෙන්වීම සඳහා පොත යන්නෙනි. අල්-බකරහ්වේ වැඩි කොටස මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාගේ ජිවිතයේ මදීනාහී ගත කළ පළමුවන දෑ අවුරුද්ද තුළ පහළ විය. මීට පසු කාලයකදී හෙළිදරව් කෙරුණු කුඩා කොටසක්ද මෙම සූරතයට ඇතුළත් කරන ලදී. ඒවායේ ඇතුළත් කරුණු අතින් ඒ දෙකෙහි කිට්ටු සමානත්වයක් දක්නට තිබුණු හෙයින් මෙසේ කරන ලදී. නිදර්ශනයක් වශයෙන් පොළී ගැනීම තහනම් කරන වාක්‍ය අනාවරණය කරන ලද්දේ මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාගේ ජීවිතයේ අවසාන භාගයේදීය. ඒවාද මෙහි ඇතුළත් කරන ලදී. ඒ හේතුව මතම මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා මදීනාහ් නගරයට හිජ්රත් (සංක්‍රමණය) කිරීමට පෙර මක්කාහ්වේදී පහළ වු අවසන් ආයාත් (වැකි 2:284-286)ද මෙහි ඇතුළත් කරන ලදී.

ඓතිහාසික පසුබිම

මෙම සූරතයේ අර්ථාවබෝධය පිණිස අප විසින් එහි ඓතිහාසික පසුබිම දත යුතුය.

1) මක්කාහ්වේදී සාමාන්‍යයෙන් අල්-කුර්ආනයෙන් අමතන ලද්දේ එවකට සිටි මුෂ්රික්වරුන් (අල්ලාහ්ට ආදේශ තබන්නන්) වූ කුරෙයිෂ් ජනයාටය. ඔවුහු අල්ලාහ්ගේ ධර්මය පිළිබඳව දැන නොසිටියාහුය. එහෙත් මදීනාහ්වේ සිටි ශ්‍රාවක පිරිස වූයේ අල්ලාහ්ගේ ඒකීයත්වය නබිත්වය(දේව ධර්මදූත මෙහෙය) වහී(අල්ලාහ්ගේ අණපනත් පහළ වීම) පරලොව හා මලක්(සුරදූත)වරුන් ගැන (බනූ ඉස්රාඊල් නමින් හැඳින්වෙන යුදෙව් ජනතාව) දැන සිටියහ. තවද ඔවුහු අල්ලාහ් විසින් ඔවුන්ගේ නබිවරයා වූ මූසා (මෝසෙස්) තුමාට හෙළිදරව් කරන ලද දහම තමන් අදහන බව කියාගත් පිරිසකි. මූලධර්ම අතින් මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමන් විසින් දේශනා කළ ඉස්ලාම් දහමද ඔවුන්ගේ ධර්මයද සමාන විය. ඔවුහු ශතවර්ෂ ගණනාවක් පැවති පරිහානිය අතරතුරේදී නියම දහමින් ඈත්ව තව්රාත්(තෝරා)හී සඳහන් නොවූ හා අවසර දෙනු නොලැබූ ඉස්ලාමීය නොවන බොහෝ දේ පිළිබඳ විශ්වාස කරමින් පුදපූජා විධි හා සිරිත් විරිත් ඇතිකර ගනිමින් ඒවා අනුගමනය කළහ. එපමණක්ද නොව තව්රාත් මූල ග්‍රන්ථයට ඔවුන් තමන්ගේ අර්ථ කථන හා සවිස්තරාර්ථ ඇතුළත් කර එයද කෙලසා තිබුණි. ඔවුන් විසින් තමන් ලද දේ ශුද්ධ ලියවිලිවල තථ්‍ය හා සවිස්තර තිබුණු දේව භාෂිතයද විකෘති කරන ලදී. එයින් සිදු වූයේ එම ලේඛණවල සැබෑ ආගමික ගුණය ඉවත්වීමෙන් ඔවුන් හුදෙක් නිරර්ථක ආවිෂ රාමුවක වෙළී පැටලී සිටීමත්ය. ඒ හේතුවෙන් ඔවුන්ගේ විශ්වාසය සදාචාර ධර්ම ගතිපැවතුම් හා හැසිරීම් රටාවන් පරිහානියේ අන්ත ප්‍රපාතයටම වැටුණි. මෙහි අනුකම්පා සහගත පැත්ත වූයේ ඔවුන් තම තමන් පත්ව සිටින තත්ත්වය පිළිබඳව තෘප්තිමත්ව පසුවීම පමණක් නොව, එහි ඇලී ගැලී සිටීමටත් රුචිකිරීමය.

එලෙසම සිටිනු හැර වෙනත් කවර අන්දමක හෝ ප්‍රතිසංස්කරණයක් කිරීමේ අදහසක් හෝ එයට නැඹුරුවීමක් හෝ ඔවුන් තුළ නොවීය. එබැවින් නිවැරදි මාර්ගය ඉගැන්වීම සඳහා තමන් වෙත පැමිණියවුන් හට ඔවුන් සතුරු වූවා පමණක් නොව, එවැනි සෑම උත්සාහයක්ම ව්‍යර්ථ කිරීමට ඔහුට හැකි සෑම දෙයක්ම කළහ. මුලදී මුස්ලිම් වුවද ඔවුහු සැබෑ ඉස්ලාමයෙන් බැහැර ගොස් එහි නොයෙක් විකෘති හා වෙනස්කම් ඇතිකර ඉතා සුළු වෙනස්කම් ගැන පවා තර්ක විතර්ක කරමින් නිකාය හෙවත් කට්ටි වශයෙන් භේද බින්න තත්ත්වයට පත් වූහ. තම පරමාධිපති වන අල්ලාහ් අමතක කර දේව විශ්වාසය අත්හැර අයුතු ලෙස ධනය උපයමින් එය දේවත්වය ලෙස සැලකීමට කටයුතු කළහ. මේ තත්ත්වය කොතෙක් දුර දිග ගොස් තිබුණේද යත්, ඔවුහු තමන්ගේ මුල් නාමය වූ මුස්ලිම් යන්න අතහැර ඒ වෙනුවට තමන් යුදෙව් ජනතාව බවට නම් කරමින් දහම ඉස්රාඊල් දරුවන්ගේ ඒකාධිකාරය බවට පත්කර ගත්හ.

මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා මදීනාහ් නගරයට ගොස් යුදෙව් ජනතාවට යළි සත්‍ය ධර්මය වෙත පැමිණෙන ලෙස ආරාධනය කරන විට එහි සිටි යුදෙව් ජනතාවගේ තත්ත්වය එසේ විය. එහෙයින් මෙම සූරතයේ තුනෙන් එකකටත් වැඩි කොටසකින් ඉස්රාඊල් පුත්‍ර පරම්පරාවම අමතා, එහි ඔවුන්ගේ ඉතිහාසය, සදාචාර පරිහානිය හා සත්‍ය දහම විකෘති කිරීමෙහිලා ඔවුන්ගේ මුරණ්ඩුකම පිළිබඳව විවේචනාත්මක ගුණ දොස් විචාරීමක් කර ඇත. ඒ සමගම නිර්මල ධර්මයේ උසස් සදාචාර ධර්ම හා මූලික ප්‍රතිපත්තිද ඉදිරිපත් කර ඇත. නබිතුමකු විසින් දේව ධර්ම දූත කර්තව්‍යයේදි අනුගාමික ජනතාවට පෙන්වා දුන් නිවැරදි දහමින් මෑත්වී නොමඟ ගිය විට ඇති වන පරිහානියේ ස්වභාවය පැහැදිලි ලෙසින් (මෙම පරිච්ඡේද මගින්) පෙන්වා දී සැබෑ බැතිමත් බව හා හුදු ආමිෂය අතරත් පවතින වෙනස ඉතා පැහැදිලිව ගෙන හැර දක්වා ඇත.

2) මක්කාහිදී ඉස්ලාම්හි ප්‍රධාන කර්තව්‍යය වූයේ එහි මූලධර්මයන් පැතිරවීමත් එම බැතිමතුන්ගේ සදාචාර අභිවර්ධනය ඇති කිරීමත්ය. එහෙත් මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා මදීනාහ් නගරයට සංක්‍රමණය වීමෙන් අනතුරුව අරාබිකරයේ නන්දෙසින් පැමිණි මුස්ලිම්වරුන් එහි වාසස්ථානය කරගත් පසු අන්සාර්වරුන්(මක්කාහි සිට සංක්‍රමණය කළ මුස්ලිම්වරුන් ආධාර කළ මදිනාහි මුස්ලිම්වරුන්)ගේ ආධාරයද ඇතිව ඉතා කුඩා ඉස්ලාමීය රාජ්‍යයක් මදිනාහිදි පිහිටුවා ගන්නා ලදි. එමගින් ජනතාවගේ සාමාජික, සංස්කෘතික දේශපාලන හා නීතිරීති ප්‍රශ්න විෂයෙහිද අවධානය යොමු කළ යුතු විය. එබැවිනි, මක්කාහිදි හා මදිනාහිදි පහළ කෙරුණු සූරතයන්හි තේමාවන් එලෙස වෙනස් වීමට හේතු සාධක වූයේ. ඒ අනුව අල්-බකරහ් සූරතයෙන් අඩක් පමණ මිඩංගු වී ඇත්තේ ජනතාවක් එක්සත් කිරීමට හා සමගි සම්පන්න කිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති හා නීතිරීති ඉදිරිපත් කිරීමටත්, එහි ප්‍රශ්න විසඳීමටත්ය.

මදීනාහ් නගරයට සංක්‍රමණණිකයන් පැමිණීමෙන් අනතුරුව ඉස්ලාම් සහ ඉස්ලාම් නොවන අය අතර අරගලය නව මුහුණුවරක් ගනු ලැබීය. මීට පෙර තත්ත්වය වූයේ බැතිමතුන් තම තමන්ගේ ගෝත්‍ර හා ජන කොට්ඨාශ අතර දිවි නොතකා ඉස්ලාමය පැතිර වීමට ක්‍රියා කිරීමය. එහෙත්, මදීනාහ්වේ තත්ත්වය මීට වඩා වෙනස් විය. සකල අරාබිකරයේ නන් දෙසින් මෙහි පැමිණි ජනයා එකම ජනතාවක් වශයෙන් පදිංචි වී එහි ස්වාධීන පෞර රාජ්‍යයක් පිහිටුවා ගත්හ. මෙහිදි උද්ගත වූ තත්ත්වය නම් මෙම මුළු ජනතාවගේම ආත්මාරක්ෂාව හෙවත් පැවැත්ම සඳහා සටන් කරන්නට සිදුවීමය. ඊට හේතු වූයේ මුස්ලිම් නොවන සෙසු මුළු ආරාබිකරයම එක්සත් වී මෙම කුඩා මුස්ලිම් රාජ්‍යය මුලිනුපුටා දමන්නට පවා ඉදිරිපත් වීමයි. එහෙයින් මදීනාහ්වේ මුස්ලිම් ජනතාවගේ ජයග්‍රහණය පමණක් නොව, ජීවිතය රැදී තිබුනේ මෙම අල්-බකරහ් සූරතයෙහි හෙළිදරව් කෙරුණු පහත දැක්වෙන උපදෙස් පිළිපැදීම මතය.

  • (අ) මදීනාහ්වේ මුස්ලිම් ජනතාව ස්වකීය ඉස්ලාම් දහම පැතිර වීමට දැඩි උනන්දුවකින් ක්‍රියා කළ යුතු අතර හැකි තරම් විශාල සංඛ්‍යාවක් තමන් වෙත ඇද ගැනීම හෝ නම්මවා ගැනීමට තැත් කළ යුතුය.
  • (ආ) ඔවුන් සිය විරුද්ධවාදින්ගේ නියම තත්ත්වය කෙතරම් පැහැදිලිව පහදා දිය යුතුද යත්, එම ප්‍රතිවාදින් අත්‍යන්තයෙන්ම සාදව්‍ය මඟක් ගෙන සිටින බව සාමාන්‍ය බුද්ධිය ඇති කවරකුට වුවද වැටහී යා යුතුය.
  • (ඇ) මේවන විට වාසය කිරීමට ගෙයක් දොරක් පවා නොමැතිව දිළිඳුවල දසතින්ම සතුරන්ගෙන් වටවී සිටී මෙම මුස්ලිම් ජනතාවට තමන් පත්ව සිටින අසීරු තත්ත්වයෙන් ගොඩ ඒමට හා ඒ තත්ත්වයට නොබියව මුහුණ දීමට නම් ධෛර්යල වීර්යය හා ඉවසීම අවශ්‍ය බව ඔවුන්ට තරයේ ඒත්තු ගැන්විය යුතුය.
  • (ඈ) තම ඉස්ලාම් ධර්මය විනාශකර මුලිනුපුටා දැමීමට කවර දිශාවකින් හෝ එළඹිය හැකි අවිගත් සතුරු බළමුළුවල සතුරන්ගේ සංඛ්‍යාවල ඔවුන් සතුව ඇති අවි ආයුධ හා භෞතික සම්පත් ආදිය කෙතරම් බලවත් වුවද ඒ ගැන කිසියම් තැති ගැනීමක් හෝ ගණන් ගැනීමක් හෝ නොකරමින් මහත් වෙර දරමින් සතුරන්ට විරුද්ධව නැගිටීමට මුස්ලිම් ජනතාව සූදානම් කළ යුතුය. ඕනෑම ආයුධ සන්නද්ධ හමුදාවකට මුහුණ දීමට සූදානම් විය යුතුය.
  • (ඉ) දුෂ්ට මාර්ගයන් මුලිනුපුටා දැමීමට හා ඒ වෙනුවට ඉස්ලාමීය මාර්ගය පිහිටුවාලීමට අවශ්‍ය ධෛර්යය එම ජනතාව තුළ ඇති කළ යුතුය.

ඉහත දැක්වූ පරමාර්ථයන් මුදුන්පත් කර ගැනීමට ඉවහල්වන ආකාරයේ උපදෙස් අල්ලාහ්විසින් මෙම සූරතයෙන් හෙළිදරව් කර ඇත්තේ එබැවිනි.

(3.) මෙම අවධියේදී මුස්ලිම්වරුන් ලෙස පෙනී සිටි නමුත් මුනාෆික් (කුහකයින්) වූ නව මාදිලියක පුද්ගලයෝද බිහි වන්නට වූහ. මක්කාහ්වේ අවසන් දිනවලම ඔවුන්ගේ දෙගිඩියාවේ ලකුණු පහළ වී තිබුණද, මදීනාහ්වේදී එම තත්ත්වය වෙනස් ස්වරූපයක් ගත්තේය. ඉස්ලාමයේ සත්‍ය බව පිළිගත් පිරිස් මක්කාහ්වේ සිටි නමුදු එය වැළඳ ගැනීමෙන් උද්ගත වන අනිෂ්ට ප්‍රතිඵලවලට මුහුණ දීමටවත් තමන්ගේ  ලෞකික ලාභ ප්‍රයෝජන හා නැදෑ හිත මිතුරන් අත්හැර එම දහම වැළඳ දීමටවත්ල තමන්ගේ ලෞකික ලාභ ප්‍රයෝජන හා නැදෑ හිත මිතුරන් අත්හැර එම දහම වැළඳ ගැනීමෙන් අනිවාර්යයෙන්ම තමන්ට විඳින්නට සිදුවන දුක් කම්කටොළු විඳදරා ගැනීමටත් ඔවුහු මැළි වූහ.

එහෙත් මදිනාහිදී මුස්ලිම්වරුන් ලෙස පෙනී සිටි කුහකයෝ වෙනස් ආකාරයෙන් බිහි වූහ. ඉස්ලාමීය සමාජයට ඇතුළතින් හානි ඇතිකිරීමේ අරමුණින් යුතුව එයට එක් වූ අයද එහි වූහ. තවත් පිරිසත් මුස්ලිම්වරුන් විසින් වටකර ගනු ලැබීම නිසා තමන්ගේ ලෞකික සැප සම්පත් හා ධන ධාන්‍ය ආරක්ෂාව කර ගැනීමට එයට ඇතුළු වූ අය වූහ. එබැවින් ඔවුහු නොනවත්වා සතුරන් හා සම්බන්ධකම් පැවැත් වූහ. එසේ කළේ මන්දයත් යම් හෙයකින් සතුරන් ජය ගතහොත් මොවුන්ගේ තත්ත්වය සුරක්ෂිතව පවතින බැවිනි. ඉස්ලාමය කෙරෙහි තමන් විශ්වාසය නොතැබුවද තම කුල ගෝත්‍රිකයින් සමග එක් වූ තවත් පිරිසක්ද වූ අතර මොවුහු බුද්ධිමය වශයෙන් ඉස්ලාම් දහමේ සත්‍යතාව ප්‍රත්‍යක්ෂ කරගෙන සිටියද තමන්ගේ පැරණි සම්ප්‍රදායන්ල අන්ධ විශ්වාස හා පෞද්ගලික මහේශාක්‍ය ලීලාව අතහැර ඉස්ලාමීය සදාචාර පිළිවෙත් පිළිපැදීමටත් එහිලා ඇප කැප වීමටත් චිත්ත ධෛර්යයක් යුක්ත අය නොවූහ.

අල්-බකරහ් හෙළිදරව් කෙරුනු අවස්ථාවේදි නොයෙක් නොයෙක් මාදිලියේ කුහකයින් හා මිථ්‍යාවාදින් බිහිවන්නට පටන් ගෙන තිබුණි. එබැවින් අල්ලාහ් ඔවුන්ගේ ලක්ෂණ කවරේ දැයි මෙහි මැනවින් දක්වා ඇත. පසු කාලකදි ඔවුන්ගේ පාපී ලක්ෂණ හා හානිකර ක්‍රියාකලාපය පැහැදිලිවම පෙනී ගිය විට අල්ලාහ් විසින් ඔවුන් පිළිබඳව විස්තරාත්මකව උපදෙස් පහළ කරනු ලැබීය.